Colombo Today Local NewsUncategorized

ගොවියෝ ගහයි කියලා ආණ්ඩුව කන්න රැස්වීමක්වත් තියන්නේ නෑ!

මහ කන්නය දැනටමත් ආරම්භ වී ඇති නමුත්, ලංකාවේ ගොවිබිම්වලින් භාගයකවත් තවම කන්න රැස්වීම් පවත්වා නැතයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

මහාපරිමාන වාරි කර්මාන්තවල කන්න රැස්වීම ප්‍රාදේශීය ලේකම්වරුන් ගේ මුලිකත්වයෙන් පැවැත්විය යුතුයි. කුඩා රැස්වීම් පැවැත්වීමේ පිළිගත් ක්‍රමවේදයක්, සාම්ප්‍රදායක් තියෙනවා. මහ කන්නයේ කන්න රැස්වීම්වලින් භාගයක්වත් තවම පවත්තලා නෑ. ආණ්ඩුවේ තීරණ නිසා, රාජ්‍ය නිලධාරීන් ගොවීන් ලඟට යන්න බයයි. නිසා රැස්වීම් තියන්නේ නැතිව මඟහරිනවා යැයි කවිරත්න මහත්මිය පැවසූවේ රත්තොට පැවති ගොවි සංවිධාන රැස්වීමක් අමතමිනි.

බඩ ඉරිඟු වගාවට පොහොර දෙනවා කියලා රාජ්‍ය ඇමතිකෙනෙක් ඊයේ කියලා තිබුණා. ඒ ඇමති දන්නේ නෑ බඩ ඉරිඟු වගාවට පොහොරවලට කලින් වල් නාශක ඕනි කියලා.

කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරු 9 දෙනෙක් ඉන්නවා. ඒ කාටවත් ගොවියෝ අතරට ගිහින් රැස්වීමක් තියන්න බෑ. දැන් මේ අය වගා කරන්නේ මහ පොළොවේ නෙවෙයි, අන්තර් ජාලයේ. දේශපාලනයෝ විතරක් නෙවෙයි, රාජ්‍ය නිලධාරීන්ටවත් ගොවියෝ ලඟට යන්න බෑ. හැම කන්න රැස්වීමක්ම අවසන් වුණේ ආරවුලකින්. ආණ්ඩුවේ වැරදිවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ, අසරණවෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්.

දැනට වගා කරලා තියෙන බිම්වලට අවශ්‍ය කෘෂි රසායන ටික දෙන්නේ නැතිව ගමක ගොවි රැස්වීමක් තියන්න බෑ. යන යන තැන ගොවියෝ උද්ඝෝෂණ කරන නිසා රාජ්‍ය නිලධාරීන් රැස්වීම්වලට යන්නේ නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් නිසි මඟ පෙන්වීමක් නැතිව අන්ත අසරණ වෙලා. අහන කිසිම ප්‍රශ්ණයකට උත්තරයක් නෑ. මාතලේ ගොවියෝ රැසක් වී ගොවිතැනින් ඉවත්වෙලා, බතල හදනවා. ඒ බෙහෙත් පොහොර ඕනි නැති නිසා.

අද ඉදලා කාබනික පොහොර බෙදනවා කියලා අණ බෙර ගහනවා. ලංකාවේ සමස්ථ පොහොර අවශ්‍යතාවයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරලා තියෙන්නේ 2% යි. ගොවියා රවට්ටන්න ගිහින් දැන් රටම රැවටිලා තියෙන්නේ.

Related posts

භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

කොළඹ නගරයට නව කැසිනෝ සහ නුවා හෝටලය: විවෘතවීම 2025 අගෝස්තු මාසයේදී

Admin

හලාවත ඛේදවාචකය..

Admin

සහරාන් කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒමේ සුදානමක්

colombotoday

කොටි මහවිරු සමරුවට අවසර දීම ගැන යහපාලන රජයට උතුරෙන් පැසසුම් !

colombotoday

රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday