Colombo Today Local News

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන එම කෙටුම්පත් දෙක සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.

විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමග ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිත කිරීමට පෙළඹී තිබේ.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා අනෙකුත් නියෝජිත ආයතනයන් මේ වන විට ආයතන මට්ටමින් පිහිටුවා ඇති සයිබර් ආරක්ෂණ ඒකක මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීම සඳහා නව නීති සම්පාදනයට තීරණය කර ඇත.

Related posts

ආරක්ෂාව ගැන සැකයිනම් යාපනේ යන්න එපා.. උතුරු ආණ්ඩුකාරවරයා සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday

මද්දකට හසු වූ දිවියෙකු බේරා ගනී

colombotoday

රවී නිර්දෝශියි. විජ්ජා නොපෙන්වා සැබෑ හොරු අල්ලනු – උලපනේ සුමංගල හිමි

colombotoday

ජනතාවට අමාරුයි.. ආර්ථිකය මෙහෙයවීම මගේ අතට ගන්නවා – ජනපති

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු ජනපති සමඟ අදත් සාකච්ජාවක්

Admin

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

colombotoday