Colombo Today Local News

ශ්‍රී ලංකාවේ කොවිඩි අරමුදලට මුදල් සොයා ඔස්ට්‍රේලියාවේදී ආහාර ප්‍රදර්ශනයක්

බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකාවේ කොවිඞ් අරමුදලට මුදල් ලබා දීම උදෙසා වන ආහාර ප්‍රදර්ශනයක් මේ මස 03 වන ඉරිදා බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉතා සාර්ථකව පැවැත්විණි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් රොෂ් ජලග්ගේ මහතා පැවසුවේ මෙම උදාර කටයුත්තට කිසිදු බේදයකින් තොරව බටහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන සියළු ශ්‍රී ලාංකිකයන් ඒකරාශී වූ බවයි.

ශ්‍රී ලාංකික ආහාර වර්ග වන කොත්තු, බිරියානි, ආප්ප, ෆ්‍රයිඞ් රයිස්, ලම්ප් රයිස්, කට්ලට්, තෝසේ, වඬේ මෙන්ම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික බත් සහ ව්‍යංජනත්, රස කැවිලි වර්ගත් මෙම ආහාර ප්‍රදර්ශනය සඳහා එකතුකොට තිබුණි.

බටහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අද හරිම සතුටු දිනයක්.. මෙහේ ඉන්න සියළු ශ්‍රී ලාංකිකයන් සියළු දෙනා කිසිම භේදයකින් තොරව මේ කටයුත්තට දායක වුණා. කිසිදු පක්‍ෂ, ආගමික භේදයකින් තොරව බාල, තරුණ , වැඩිහිටි හැමෝම, සමිති සමාගම් සියල්ලම එකතු වෙලා අපේ මාතෘභූමිය වෙනුවෙන් මෙම සද් කාර්යයට දායක වුණා. ඒ හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම රට විරුවන් විසින් කරන ලද මේ කාර්යය හොඳ ආදර්ශයක්, පණිවුඩයක් ලබා දෙනවා. අභියෝග ජයගන්න අපිට හැකියි. ඒ සඳහා අපි එකමුතුව වැඩ කළ යුතුයි…” යනුවෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් රොෂ් ජලග්ගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

Related posts

ජූලි 6 එන්න තිබූ පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

colombotoday

දෙහිවල රතිබිම්බාරාම පාර, ඇළඉවුර ප්‍රදේශය හුදකලා කෙරේ

colombotoday

දිස්ත්‍රික්ක අනුව ගෑස් වලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

හදපානාගල ගංජා හේනක් පොලිසිය වටලයි

colombotoday

ඉන්ධන මිල අඩු කලා වගේ ආහාර මිලත් අඩු කරනවා

Admin

ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ අගෝස්තු 5 වැනිදා පිහිටුවනවා

colombotoday