Colombo Today Local News

ඓතිහාසික ජේතවන පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය ඩෝසර් වෙයි

අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූප පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය පෙරේදා (07) පෙරවරුවේ බැකෝ යන්ත්‍රයක් යොදා හාරා පස් ඉවත්කර බරපතළ හානියක් කර තිබේ.

මේ පිළිබඳව කරුණු දැනගැනීම සඳහා ජේතවන විහාරාධිපතින් වහන්සේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු මැද සහකාර අධ්‍යක්ෂවරයා හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දුරකතනයෙන් සම්බන්ධ කිරීමට කීපවතාවක් උත්සාහ කළද ඒ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය.

ස්තූපයේ උතුරු දොරටුව ආසන්නයේ අඩි දෙකහමාරක් තුනක් පමණ ගැඹුරට බැකෝ යන්ත්‍ර මගින් හෑරීම නිසා භූගත ස්මාරකවල කොටස් ගැලවී එම පැරණි ගඩොල් කැබලි මතු වී ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

ගෞතම බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත් කර ක්‍රි.ව. 3 වන ශත වර්ෂයේදී මහසෙන් මහරජතුමන් ඉදිකරන ලද ජේතවන ස්තූපය ගඩොලින් නිර්මාණය කරන ලද ලෝකයේ විශාලතම ස්මාරකය වශයෙන් හැඳින්වෙන අතර ලෝක උරුම ස්ථානයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති උරුම ස්ථානයකි. මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පවත්වන ලද්දේද ජේතවන ස්තූපය ඇතුළු ආරාම සංකීර්ණය පිහිටි මෙම නන්දන වනයේදී බව වංශ කතාවලින් අනාවරණය වී තිබේ.

මෙම මහා පරිමාණ හෑරීම පිළිබඳව අප කළ විමසීමේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරියකු පැවසුවේ මෙම ස්ථානයේ රථගාලක් ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා දී ඇති බවයි. එහෙත් මෙලෙස විශාල යන්ත්‍ර යොදාගනිමින් මෙම පුරාවිද්‍යා භූමිය විනාශවන සේ පස් ඉවත් කිරීමට කිසිවෙකුත් අවසර දී නැතැයි පැවසූ එම නිලධාරියා මේ කාර්ය කරන්නේ කවුරුන් විසින්දැයි ඇසූ පැනයට පිළිතුරු දීමට ඔහු දැඩි බියක් දැක්වීය.

– අරුණ-

Related posts

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

ටෙලිකොම් – මොබිටෙල් මුල් පුටු මාරුවක්! ජනපති මල්ලී නැවතත් සභාපති. රෝසි‍ගේ පුතුත් අධ්‍යක්ෂ මණ්ඩලයට

colombotoday

සංචරණ සීමා ඉවත් කළ පසු පළාත් තුළ පමණක් දුම්රිය සහ බස් ධාවනය කිරිමට සැලසුම්

colombotoday

රන්ජන් තනි සිරකුටියක රඳවයි

colombotoday

අද සිට වැසි තත්වයේ වැඩි විමක්

Admin

දුම්රිය පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Admin