Colombo Today Local News

තිරුකුමාර් නඩේෂන් ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක්

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට දැනුම්දීමක් සිදුකර තිබේ.

හෙට (08) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී ඇති බව එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පැවසුවාය.

හෙළි නොකළ වත්කම් භාවිත කරමින් විවිධ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පසුගියදා සිදු කළ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව මගින් ඒ මහතාගේ නම ද අනාවරණය වී තිබුණි.

ඒ අනුව පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්වේ සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඊයේ නියෝග කර තිබුණි.

Related posts

නිහාල් ෆොන්සේකා මුදල් මණ්ඩලයට

colombotoday

ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැදවයි…

colombotoday

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නම් – ජනපති අගමැතිට කියලා…

colombotoday

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

මහර බන්ධනාගාර කැරැල්ල පිටුපස සංවිධානාත්මක අරමුණු. පොලිසිය කියයි.

colombotoday