Colombo Today Local News

සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීම ගැන දැඩිව විමර්ශනය කරන්නැයි, බැසිල්ගෙන් උපදෙස්

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.

මෙම කමිටුව අද (02) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ, විඩීයෝ තාක්ෂණය ඔස්සේයි.

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව ජන ඒකරාශි වීම් සිදුවන අතර ඒ සමග කොවිඩ් වසංගතය පැතිර යාමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බව එහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවයට කැඳවීමේදී හා ප්‍රවාහන කටයුතු පිළිබඳ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, අදාළ චක්‍රලේඛයන්ට අනුව පවත්වාගෙන යා යුතු අතර එම චක්‍රලේඛ මේ වන විටත් අමාත්‍යාංශ වෙබ් අඩවි මගින් පළ කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

වයස අවුරුදු 30 ට වැඩි සමස්ත ජනගහනයෙන් 95 %කට ආසන්න ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබෙන අතර අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරණය සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

එන්නත් ලබාදීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් සිදුකිරීමට ද කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබේ.

Related posts

පාතාල කල්ලි සාමාජිකයෙකුට අනුබල දුන් චීවරධාරියෙකු අත්අඩංගුවට

Admin

ගෝනපොලදී අයිස් සමග කාන්තාවක් STF අත්අඩංගුවට

colombotoday

එජාප – ශ්‍රීලනිප දීගය ඉවර වෙන දිනය ගැන තවත් ඉගියක්

colombotoday

“අවුරුදු නැකැත්වල අවුලක් නැහැ.. ග්‍රහයන්ට පාට තිබුණට පක්ෂ නැහැ” – නැකැත් කමිටුව

colombotoday

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday

ජවිපෙ ‘ඇවන්ගාඩ්’ ඩැහැගැනීමට අරඅදින මාධ්‍ය මුදලාලිගේ හුරතලෙක්? – හරීන්ගෙන් ඉඟියක් (Video)

colombotoday