Colombo Today Local News

RMVයෙන් වේලාවක් වෙන්කර ගන්න දුරකථන අංක

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මඟින් සේවා සැපයීම සිදුකරනු ලබන්නේ කලින් දිනයක් හෝ වේලාවක් වෙන් කරවා ගත් පුද්ගලයින් සඳහා පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

මේ සඳහා දුරකථන අංක 3 ක්ද හඳුන්වා දී ඇති බව ඔහු සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු අද (01) දිනයේ සිට ආරම්භ වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා,

“ඔබ වෙන්කර ගත් වේලාවටම පැමිණෙන්න. ඔබ වෙන්කර ගෙන නොමැති නම්, අපේ කාර්යාලවලට ඇතුළුවීමට උත්සහ දැරීමෙන් වළකින්න කියලා මම ඉතාම කාරුණිකව ඉල්ලනවා.”

වේලාව වෙන්කර ගැනීමට,
0112 677 877

වාහන පැවරීම සම්බන්ධයෙන්,
0707 677 877

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන්,
0707 677 977

Related posts

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

colombotoday

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

“පනත හදිසියේ සම්මත කළොත් වෙන්නේ මහා අගතියක්“ අභයතිස්ස හිමි කතානායකට ලියයි

colombotoday

IMF කොන්දේසියක් මත සොරකම් කළ වත්කම් අය කරගන්න දූෂණය මැඩලීමේ පනතක්

Admin

සජිත්ට දිවුරුම් දෙන්න විතරයි තියෙන්නේ

Admin

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday