Colombo Today Local NewsUncategorized

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම දත්ත පවත්වාගෙන ගිය ‘එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු අද (29) දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නියෝගය ලබාදී ඇත.

සැකකාර ඉංජිනේරුවරයා ඊයේ (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවුලපිටියේ, වැල්ලපිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුණි.

Related posts

මතින් සිල් බිදගෙන.. විජිත හේරත්ගේ සැපරිය, අනතුරේ.. අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහරී

colombotoday

මඩකලපුවේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

colombotoday

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

colombotoday

අධිකරණ තීන්දුවෙන් පසු…

colombotoday

ප්‍රදේශ රැසකට අද වැසි

colombotoday

ඇඹිලිපිටියේ අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක්

colombotoday