Colombo Today Local NewsUncategorized

මෙරටදී ගුවන් මගීන්ට PCR පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට අවස්ථාව

ගුවන් මගින්ට 1 වැනිදා සිට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්

මෙරට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ලබන පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව මෙරටට පැමිණෙන දේශීය හෝ විදේශීය ගුවන් මගීන් එසේ ගුවන්ගත වන අවස්ථාවේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයකු බවට තහවුරුවී නැති නම් මෙරටදී යළිත් කොරෝනා පරීක්ෂණ පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට ඔවුනට අවස්ථාව සැලසෙනු ඇත.

එසේම පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදේශිකයන්ට හෝ විදේශ සංචාරකයන්ට කොරෝනා පරීක්ෂණයකින් පසු ජෛව බුබුලක් යටතේ සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

තවද මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපොළේදි කොරෝනා පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසුව ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට පියවර ගැනෙන බවත් ඉන්පසු දොළොස් වැනි දිනයේදී නැවත වරක් කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාව ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරාගනු ලබන හෝටලයකදී දින දාහතරක් නිරෝධායනයවී සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම්, එමීර් රාජ්‍ය එරට වැසියන්ට දන්වයි

colombotoday

ඔළුවට යකඩ ඉන්නකින් ඇන පුතෙකු මව මරා දාලා..

colombotoday

ෆේස්බුක් තහනම ඉවත් කරන්න ලේසියෙන් බෑ… රජයේ කොන්දේසි මෙන්න

colombotoday

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

colombotoday

“ආණ්ඩුවේ ගමන් මග මනින්න වසර දෙකක් වැඩිත් එක්ක.. රට යන්නේ විනාශයටයි“ – ජවිපෙ

colombotoday

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday