Colombo Today Local News

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (28) පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවුලපිටියේ, වැල්ලපිට පිහිටි එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සඳහා එම පුද්ගලයා විසින් විශේෂ විධානයක් සකස් කර එම දත්ත මකා දමා ඇති බවය.

දත්ත මකා දැමූ දින විධානය යොමුව තිබූ IP අංකය සහ සැකකාර මෘදුකාංග ඉංජිනේරුවරයාගේ පරිගණකයේ IP අංකය සමාන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එමෙන්ම පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ එම සැකකාර ඉංජිනේරුවරයා නිවසේ සිට දත්ත මකා දැමීම සඳහා අදාළ විධානය සකස් කර ඇති බවය.

මූලික ප්‍රශ්න කිරීම්වලදී අත් වැරදීමකින් එම විධාන යොමු කළ බව එම ඉංජිනේරුවරයා ප්‍රකාශ කළද පසුව කළ පරීක්ෂණවලදී එය එසේ නොවන බව හෙළිව ඇතැයි පොලිීසිය සඳහන් කළේය.

කුමන අරමුණකින් එම දත්ත මකා දැමීම සිදුකළේද යන්න පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත ඩිජිටල් සහ වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා විසින් අද පෙරවරුවේ සැකකාර ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු හෙට (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

තමිල්නාඩුවෙන් ආ පාස්ටර්වරයෙක් බුද්ධාගමට අපහාස කරමින් රටපුරා දේශනවල… කල්මුනේ දේශනයට පොලිසියෙන් අවසර…

colombotoday

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

colombotoday

එජාපයේ 6ක් අද නියෝජ්‍ය ඇමති ධුරවල දිවුරුම් දෙයි

colombotoday

බොදු බල සේනාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – ඩිලාන් පෙරේරා යලිත් කට අරියි

colombotoday

ව්‍යවස්ථාව ගේන්නෙත් යුද අපරාධ චෝදනා කරන පිරිසමයි.. ජනමතවිචාරණයක් තිබ්බොත් පරාදයි

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

colombotoday