Colombo Today Local News

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

2021 මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ආනයනයට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම විසින් ආනයනය කිරීමටත් අනෙක් බෝග සඳහා බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් ආනයනය කර තරඟකාරී මිල ගණන් මත ගොවීන්ට ලබාදීමටත් කටයුතු සලසා ඇත.

අනෙකුත් බෝග වගා කරනු ලබන ගෝවීන්ට අවශ්‍ය කාබනික පොහොර තොග ප්‍රමාදයකින් තොරව තරඟකාරී මිල ගණන් යටතේ සැපයීමට හැකි වන පරිදි රජයේ පොහොර සමාගම් දෙක විසින් සපයනු ලබයි.

බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර තොග ආනයනයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

වයඹ, ගාල්ල ඉඩම් ඉන්දියාවට, හම්බන්තොට චීනයට.. ඉල්ලන ඕනම රටකට අපි ඉඩම් දෙනවා

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

හෙරොයින් ග්‍රෑම් 210 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

පිදුරංගලට පස්ස හරවා ජාතියට හෙළුව පෙන්නූ නරුමයන් අල්ලන්න හොයයි…

colombotoday

ඉන්ධන මිල සංශෝධනයක් අද

Admin

රාජ්‍ය ආයතන රැසක්‌ විකුණයි – ඉලක්‌ක ආදායම කෝටි 15000 ක්‌

colombotoday