Colombo Today Local News

දියවන්නාවේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව ගැන විමර්ශන වාර්තාව පරිසර ඇමතිට

දියවන්නාව ඔය දෙසට පාවෙමින් තිබූ තෙල් තට්ටුව විමර්ශනයට පත් කළ කමිටුවේ වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දී තිබේ.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ , මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම විමර්ශනය සිදු කළ බවය.

මෙම තෙල් තට්ටුව සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ලැබුණු ඡායාරූප කිහිපයක් පිළිබඳ අවධානය යොමු කර මෙම විමර්ශනය ක්‍රියාත්මක කෙරිණි .

රාජගිරිය සිට බුත්ගමුව පාලම අසළ දක්වා කොටසේ මෙම තෙල් තට්ටුව දැකිය හැකි වූ අතර අදාළ වාර්තාව මගින් අමාත්‍යරයා වෙත නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරින් යොදවා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලැබුවේ ය.

විමර්ශන කණ්ඩායම් ජල සාම්පල්ද ලබාගෙන පරීක්ෂා කර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

විමර්ෂකයින් පෙන්වා දෙන්නේ ජලය කළු පැහැ ගැන්වී තිබූ බවත්, ජලය මත තැනින් තැන කුඩා හා තුනී තෙල් තට්ටුවක් පවතින බවය.

එම ස්ථානයේ තෙල් සහිත අපද්‍රව්‍ය පල්වීම හේතුවෙන් හටගන්නා දුර්ගන්ධයක් වහනය වූ බව ද සඳහන් ය.

දක්නට ලැබුණු තෙල් තට්ටුව ජලය මත පාවෙමින් පවතින බව ද විමර්ශන කණ්ඩායම සඳහන් කර තිබේ.

ඒ අනුව සිදු කරන ලද නිරීක්ෂණයට අනුව බුත්ගමුව කාලයක් තිස්සේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයාම හේතුවෙන් ඇල්ගී බැක්ටිරියා වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වී ඇති බව නිවේදනයේ සඳහන් ය.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජලය සංරක්ෂණය කිරිම සදහා නිර්දේශ 3ක් ක්‍රියාත්මක කරන ලෙස විමර්ශන කණ්ඩායම දැනුම් දී තිබේ.

Related posts

සිරගතවූවන් ගේ සිරගත නොවූ ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමේ ව්‍යාපෘතියක්

Admin

ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

colombotoday

ජනපති, හිටපු ජනපති පුතුන් මැතිවරණ වේදිකාවේ.. මුල්වරට කීව කතා මෙන්න (Video)

colombotoday

ජපානයේ භූ කම්පනයක්

Admin

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

colombotoday

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

colombotoday