Colombo Today Local News

මහින්ද සගයෝ ‘නෙළුම් පොහොට්ටුවෙන්’ පුංචි ඡන්දයට

mahinda rajapakshaමෙම වසරේ දී පැවැත්වෙනු ඇති බවට අපේක්ෂා කරන පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ‘නෙළුම් පොහොට්ටුව’ ලකුණින් එම මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ සූදානමකින් පසුවන බව වාර්තා වේ.

මේ වෙනුවෙන් දැනටමත් ‘අපේ නිදහස් පෙරමුණ’ නමින් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සූදානමින් තිබේ. පසුගිය මහ මැතිවරණයට පෙර බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් එම පක්ෂය ලියාපදිංචි කර තිබිණි.

එහි දී එම පක්ෂයේ ලකුණ ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රචාරක කටයුතුවල දී යොදා ගත් නෙළුම් මල ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් එවකට ඉල්ලා සිටිය ද එම නෙළුම් මල ජාතික සංකේතයක් ලෙස සැලකෙන බැවින් එය පක්ෂ ලාංඡනයක් ලෙස ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබිණි.

පසුව එහි පෙති කිහිපයක් ඉවත් කර නෙළුම් පොහොට්ටුව ලබා ගැනීමට කොමසාරිස්වරයා එකඟ කරවාගෙන තිබිණි.

නමේ වෙනසක් :

ඒ කෙසේ නමුත් මෙම පක්ෂයේ නම වෙනස් කිරීම ඉදිරියේ දී සිදු වීමට නියමිතය. ඊට හේතු වී ඇත්තේ පක්ෂ නාමයේ ‘අ’ යන්නේ පටන් ගන්නා ‘අ’ අක්ෂරය අපාය අක්ෂරයක් ලෙස අක්ෂර ශාස්ත‍්‍රයේ දී ගණ පිහිටවන විට සැලකෙන බැවිනි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් ම උතුරු නැඟෙනහිර තෝරාගත් පළාත් පාලන ආයතන කීපයක් හැර රටේ සෙසු පළාත්වල ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සඳහා වෙන වෙනම අපේක්ෂක කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබේ.

Related posts

කොස්ගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි.. සැකකරු නිදැල්ලේ..

colombotoday

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

නකල්ස් අඩවියේ මහා ඉඩම් කොල්ලයක්.. කබීර් හෂීම්-කිරිඇල්ල අක්කර විසිඑක්දාහක් නෑ හිතවතුන්ට දෙයි…

colombotoday

ඉදිරි වසර කිහිපය තුල විදුලි බිල දැනෙන්න අඩු කරනවා

Admin

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday