Colombo Today Local News

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට

බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සමඟ සහයෝගීව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සිය කැමැත්ත පළකර තිබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වන මාරිස්⁣ පේන් මහත්මිය අතර සාකච්ඡාවක් නිව්යෝර්ක් අගනුවරදී පවත්වා තිබේ.

මෙහිදී පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම සඳහා වන මාර්ග පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා පවත්වා තිබේ.

වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ඔස්ට්‍රේලියාව සතු අත්දැකීම් පිළිබඳ සඳහන් කළ මෙරට විදේශ අමාත්‍යවරයා, එම ක්ෂේත්‍රයේ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දක්වන බව ද මෙහිදී සඳහන් කර ඇත.

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව ඇති අතර මෙය මානුෂීය ඛේදවාචකයක් බවත් එම නීති විරෝධී ක්‍රියාව මැඬලීම සඳහා ශ්‍රී ලංකා රජය සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකර ඇති බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම මෙරට උතුරු හා නැගෙනහිර පළාත්වල ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව සම්බන්ධයෙන් බොහෝ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව විදේශ අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වෙත දැනුම්දී ඇති බව සඳහන් වේ.

මෙහිදී අදහස් දක්වා ඇති ඔස‍්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ඉතා අගය කර තිබේ.

එමෙන්ම දෙරට අතර පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමීපව කටයුතු කිරීමට ද ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය සිය කැමැත්ත පළකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

අස්වැසුම ගන්න පෝලිමක සිටි අයෙක් ඇද වැටී මිය යයි

Admin

දුරකථන සංවාදවලින් ජවිපෙත් රෙදි ගැලවෙයි… මොහොමඩ් ඊබ්‍රහිම් නිදහස් කිරීමට CID ශානි අබේසේකරට ජවිපෙන් ඇමතුම් !

colombotoday

“අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ” – පොහොට්ටුවේ නියමුවාගේ තීරණය මෙන්න

colombotoday

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

colombotoday

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

colombotoday