Colombo Today Local News

බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

මහේස්ත්‍රාත්වරයකුගේ නිල නිවසේ බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි බව කියන කටුගස්තොට පොලීසියෙ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයකු බවද පොලිස් මූලස්ථානය පවසයි.

කටුගස්තොට අලදෙණිය ප්‍රදේශයේ පිහිටි මහේස්ත්‍රාත්වරයකු ගේ නිල නිවසේ බීමතින් රාජකාරී කරමින් සිටියදී ඊයේ (20)දින මොවුන් පොලිස් අත්අඩංගුවට පත්වූ බව කටුගස්තොට පොලීසිය පොලීසිය සඳහන් කරයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පොලීසියට වාර්තා නොකර නිවසේ සිට රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදී තිබියදී මෙම සැරයන්වරයා සහ කොස්තාපල්වරයා නිවසේ සිට පැමිණ අදාල මහේස්ත්‍රාත්වරයාගෙ නිවසේ රාජකාරියට වාර්තා කර ඇතැයි ද කටුගස්තොට පොලිසිය පවසයි.

කටුගස්තොට පොලීසියේ නිලධාරීන් රාත්‍රී සේවයේ යෙදී සිටියදී අදාළ මහේස්ත්‍රාත්වරයාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා බීමතින් සිටි බවට හෙළි වීමෙන් පසු ඔවුන් දෙදෙනා වැඩ තහනම් ලක් කළ බව පැවසෙයි.

Related posts

කෝටි 66ක මුදල් අවභාවිතය සාක්ෂි සහිතවම හෙළිවෙයි.. අර්ජුන් තවමත් සැපෙන්.. සුවෙන් !!

colombotoday

ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්

Admin

රට පනින්න ගිය 45ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

උපාලි අබේරත්න කොමිෂන් සභාව තම සීමාව පැනලා. | නීතිපති අධිකරණයට කියයි.

colombotoday

“බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ“ – ජනබල විරෝධය ගැන අගමැති කියයි

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday