12 April 2025
Colombo Today Local News

“අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ඨය” ලෙස පැවසීම ප්‍රශ්නයක්නම් එය කුරානයට ඇතුලත් කල පුද්ගලයන් සමග විසඳ ගන්න. – බොදු බල සේනා

බොදු බල සේනා සංවිධානය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මාධ්‍ය නිවේදනය
2021 සැප්තැම්බර් 20

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රූපවාහිනී වැඩසටහනකදී “අල්ලාහ්” පිළිබඳව අල් කුරානයේ වගන්තියකට අනුව මතුකළ කාරණයක් පිළිබඳව සිදුකරන කරුණු පැහැදිලි කිරීමයි

පසුගිය සඳුදා දින හිරු TV සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් “අල්ලාහ් කුමන්ත්‍රනකරුවා” යැයි පැවසූ බවට සඳහන් කරමින් මුස්ලිම් සමාජය තුල යම් කතා බහක් ඇති වී තිබේ.

එහිදී උන්වහන්සේගේ මතයක් හෝ අදහසක් ප්‍රකාශ නොකළ අතර අල් කුරානයේ 8:30 වගන්තිය උපුටා දක්වමින් එහි සඳහන් කරුණ මතුකරන ලදි.

ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය විසින් අබ්දුල් රාසික් ගේ ප්‍රධානත්වයෙන් සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ සඳහන් වගන්තිය එලෙසම ඥානසාර හිමියෝ මෙම වැඩසටහනේදී කියවන ලදි.

එම කුරානයේ අදාළ කරුණ සඳහන් වන්නේ මෙසේය..

“(මුහම්මද්) ඔබ අල්ලා තබා ගැනීමට හෝ ඔබ ඝාතනය කිරීමට හෝ ඔබ පිටුවහල් කිරීමට හෝ (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අය කුමන්ත්‍රණ කල සැටි සිහි කරන්න. ඔවුහු කුමන්ත්‍රණ කරති. අල්ලාහ් ද කුමන්ත්‍රණ කරයි. අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් ඇති විශිෂ්ට ය.”

ශ්‍රී ලංකා ජමයතුල් උලමා සභාව සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ 8:30 වගන්තිය සඳහන් වන්නේ මෙලෙසය.

“(නබිවරයා) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරව්). ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සලසුම්කරුවන්ගෙන් අති ශේෂ්ඨය.”

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් උන්වහන්සේගේ අදහසක් ප්‍රකාශ නොකළ අතර ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය සිංහලයට පරිවර්තනය කළ කුරාණයේ සඳහන් වගන්තියක් කියවීම පමණක් සිදුකරන ලදි.

අදාළ කුරානය 2015 වසරේදී සිංහලයට පරිවර්තනය කර ඇති අතර, පසුගිය වසර 6ක කාලය තුල එම වැකිය වැරදි යැයි මුස්ලිම් සමාජයේ කිසිවෙකුත් ප්‍රකාශ කර ඇති බවක් අප දැනුවත්ව අසා නැත.

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මේ පිළිබඳව අවලාද නැගීමෙන් හෝ “අල්ලාහ්” දෙවියන්ට අපහාස කල බවට මාධ්‍ය සංදර්ශන පවත්වමින් චෝදනා කිරීමෙන් ඵලක් නොවන අතර උන්වහන්සේ “අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ඨය” ලෙස පැවසීම පිළිබඳව කිසියම් පුද්ගලයෙකුට යම් ප්‍රශ්නයක් ඇත්නම් එම අදහස අල් කුරානයට ඇතුලත් කල පුද්ගලයන් සමග එය විසඳ ගන්නා ලෙසත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

තෙරුවන් සරණයි…!!!
බොදු බල සේනා මාධ්‍ය අංශය

Related posts

“ඇමති කිරිඇල්ල මීට පෙරත් දේශපාලන හිතවතෙකුට තණතුරක් දෙන්න බලපෑම් කළා” FUTA ජනපතිට ලියයි

colombotoday

වටරැක විජිත හිමියන්ට වතුර බෝතලයකින් පහරදුන් මහියංගන ප්‍රා සභා සභාපති අත්අඩංගුවට

Admin

දැන් අපිට සඟරාවක් වගේ ලස්සන පාස්පෝර්ට් එකක් තියනවා

Admin

එකම පවුලේ තිදෙනෙකුට කොරෝනා

colombotoday

“කසල අදින්න හමුදා සාමාජිකයන් දෙන්නේ නෑ“ – හමුදාවෙන් ප්‍රකාශයක්

colombotoday

යල් පැන ඇති පොදු ආකෘති සමාලෝචනයට කමිටුවක්

colombotoday