Colombo Today Local News

ගැබ් ගැනීම් වසරකින් පමා කරන්නැයි දොස්තරගේ ඉල්ලීමෙන් ගැබිනි මව්වරු ගබ්සා කරන්න අවසර ඉල්ලයි

කොවිඩ් වසංගත අවදානම යම්තාක් දුරකට පහව යන තෙක් ගැබ් ගැනීම් හැකිනම් වසරකින් පමා කරන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු කළ ඉල්ලීම වැරැදි ලෙස අර්ථකතනය කරගත් ඇතැම් ගර්භණී මව්වරුන් තම කුසේ සිටින කළලය ගබ්සා කිරීමට වෛද්‍යවරුන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් සඳහන් කරයි.

ගබ්සාවක් කිරීමට මෙරට නීතියෙන් ඉඩ ඇත්තේ ගර්භණී භාවය හේතුවෙන් මවගේ ජීවිතයට යම් හානියක් සිදුවන්නේ නම් පමණක් බවත් එයත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු තහවුරු කර තීබීම මත බවත් හෙතෙම පෙන්වාදේ.

ගර්භණී වී ඇති සියලුම මව්වරුන් අනියත බියක් ඇති කර ගතයුතු නොමැති අතර කොවිඩ් වෛරසය ආසාදනය වුවද ඉන් ඇතිවිය හැකි සංකූලතාවන් වළක්වා ගැනීමට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්යය යැයිද වෛද්‍ය ලැනරෝල් පෙන්වාදේ.

කොවිඩ් මර්දන එන්නත මගින් කුස තුළ වැඩෙන දරුවාට හෝ මවට කිසිදු හානියක් වන බව ලෝකයේ මෙතෙක් කරන ලද පර්යේෂණයන්ගෙන් තහවුරු වී නැති බවද වෛද්‍යවරයා කියයි.

මෙරට දී එන්නත ලබාගත් ගර්භණී මව්වරුන් මේ වන විටත් දරුවන් බිහිකර ඇත. එම දරුවන්ටද කිසිදු සංකූලතාවක් ඇතිව නැතැයිද හෙතෙම සඳහන් කරයි.

Related posts

මෙදා පාරනම් ගැලවීමක් නැතිවෙයි..! තුන් පැත්තකින් වටකරයි… මරණ තුනක් ඇති අගමැති පැණි කන හැටි !

colombotoday

එතෙර ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

විල්පත්තු රක්ෂිත මායිමේ අක්කර 100ක් ඩෝසර් කර කෝමාරිකා හිටවයි !

colombotoday

අත්‍යවශ්‍ය ආහාර සඳහා යළිත් බදු

Admin

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

සේනා උතුරුමැද ආක්‍රමණය කරද්දී හම්බන්තොටට තවත් ආගන්තුකයෙක්…

colombotoday