Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ 76වන සැසිය ඇමතීමට ජනපති ලබන 21 නිව්යෝක් යයි

නිව්‍ යෝර්ක්හී දී සැප්තැම්බර් 21 වනදා, ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වේ.

සිය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව බවද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ

විදේශ අමාත්‍ය මහාචර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිවරයා සමග සංචාරයට එක් වෙති.

තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ ර‍‍ටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

colombotoday

අමර ස්වරය නිවී යයි.. හෙළයේ මහා ගාණ්ධර්වයාණෝ දැයෙන් සමුගනී !

colombotoday

ගල්පතුරක් ගැලවීමෙන් ඡායා රුවක් මතුවෙයි. – රාවනා රුව යැයි කියමින් නැරඹීමට පිරිස් එයි.

colombotoday

රිකිල්ලගස්කඩ මූලික රෝහල වසා දමයි – වෛද්‍යවරයෙකුට කොරෝනා

colombotoday

ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි. නව ආරක්ෂක ලේකම් මේජර් දයා රත්නායකද?

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් චන්ද්‍රිකා ඡායාරූපවල | නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වනවා ද?

colombotoday