Colombo Today Local News

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිමට ජයග්‍රහණ ගෙනා ක්‍රීඩකයින්ට මුදල් ත්‍යාග – රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට කෝටි 07ක්

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මුදල් ත්‍යාග ලබාදීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ බව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මුදල් ත්‍යාග සඳහා රුපියල් මිලියන 106.625 ක මුදලක් වෙන් කර තිබේ.

එම විශේෂ කැබිනට් පත්‍රිකාව අනුමත කර ඇත්තේ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදිය.

2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

එම ත්‍යාග මුදල් ජයග්‍රාහී ක්‍රීඩකයින්ගේ පුහුණුකරුවනක්ට වෙනුවෙන්ද වෙන් කර ඇත.

ඒ අනුව ත්‍යාග මුදල් බෙදී යන ආකාරය මෙසේය. (රුපියල් වලින්)

රන් පදක්කම් ලාභියා – මිලියන 50
ලෝකඩ පදක්කම් ලාභියා – මිලියන 20
4 වන – 8 වන ස්ථානය – මිලියන 2.5
9 – 16 ස්ථානය – මිලියන 1 (x4)
ලෝක වාර්තාව – මිලියන 10
පුහුණුකරුවන් – මිලියන 19.125

මීට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිනේෂ් ප්‍රියන්තට මිලියන 10ක් සහ සමිත දුලාන්ට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිතය.

මේ අතර ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ පදක්කම් ජයග්‍රහණය කරමින් ලක් මවට කීර්තියක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන්ට මෝටර් රථ 02ක් අද(07)දින පරිත්‍යාග කළේ ය.

ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය මෙම මෝටර් රථ 02 පරිත්‍යාග කළ අතර, ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා පැවසුවේ, දිනේෂ් ප්‍රියන්ත හා සමිත දුලාන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙලෙස නවීන මොටර් රථ දෙකක් පරිත්‍යාග කළ බවය.

ඒ අනුව පැරාලිම්පික් රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට පමණක් කෝටි 07ක මුදලක් ත්‍යාග වශයෙන් ලැබී ඇත.

Related posts

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

colombotoday

අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක හිමිත් ලේකම් හිමිවරු ඊයේ දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරති

colombotoday

මහින්දගේ නායකත්වයෙන් පුළුල් පෙරමුණක්.. ඒකාබද්ධ විපක්ෂය සටනට සැරසෙයි

colombotoday

වියට්නාම් ගිය මගීන්ට ලංකාවට ඇතුළු වීමට අවසර නැහැ

colombotoday

කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයි

colombotoday