Colombo Today Local News

ලොව හොඳම වනජීවී ඡායාරූප ශිල්පීන් අතරට ශ්‍රී ලාංකයින් දෙදෙනෙක්

ලෝක ඡායාරූප ශිල්පීන්ගේ සිහිනයක් බඳු වූ wildlife photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජූරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්වීමට ශ්‍රී ලාංකේය ඡායාරූප ශිල්පිනියකට හා මෙරට ළාබාල ඡායාරූප ශිල්පියකුට මෙවර හැකියාව ලැබී තිබේ.

ඒ බුද්ධිනී ඩී. සොයිසා හා ගගන වික්‍රමසිංහ යන දෙදෙනාටයි.

බුද්ධිනී ඩී. සොයිසා මහත්මියගේ ඒ ‘A Great Swim’ නමින් පළ කරන ලද ඡායාරූපය හා ගඟන වික්‍රමසිංහගේ ‘Lockdown ’ නමින් පළ කරන ලද ඡායාරූපය මෙවර අංශ දෙකක් යටතේ ජූරියේ විශේෂ පැසසුමට ලක්ව තිබේ.

ලොව පුරා අතිදක්ෂ ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප 55,000ක් අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහි තවත් විශේෂත්වය වන්නේ ගගන වයස අවුරුදු 11ක කුඩා දරුවකු වීමයි.

Related posts

කොරෝනා බවට සැක රෝගීන් 29ක් රෝහල්වල !

colombotoday

මහ බැංකුවෙන් සියලු බැංකුවෙත නියෝගයක්

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 84 ක් අත්අඩංගුවේ

colombotoday

යොවුන් පුරේදී උඩ අරින්න යද්දී ගූගල් බැලුමේ හුලං යයි

colombotoday

“යුද සමයේ ද්‍රවිඩයන්ට හිංසා සිදුවෙලා.. ශ්‍රී ලංකාවට දඬුවම් කරමු” – බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා කියයි

colombotoday

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday