Colombo Today Local News

5,000 දීමනාව අනු කමිටුවේ යෝජනාවක් නොවේ.. අමාත්‍ය මණ්ඩලයේදී සත්භාවයෙන් ගත් තීන්දුවක්

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු සමාජිකයින් අද(01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ, කාලයක් තිස්සේ නොසලකා හැරපු ගැටලු ගණනාවකට විසඳුම් ලබා දී ඇති බවත් මෙම පොදු විසඳුම පිළිඅරගන්නා ලෙස ගුරුවරුන්ගේ ඉල්ලා සිටින බවය.

රුපියල් 5,000 දීමනාව අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ යෝජනාවක් නොවන අතර එය අමාත්‍ය මණ්ඩලයේදී සත්භාවයෙන් ගත් තීන්දුවක් බව විමල් වීරවංශ මහතා කියා සිටියේය.

මෙම ප්‍රශ්නය තවදුරටත් දික්නොගස්සා රටේ දරුවන් වෙනුවෙන් කටයුතු කිරීමට පෙරට එන්නැයි ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය ආදායමෙන් 85% වැඩිය යන්නේ රජයේ සේවකයන්ට පඩි ගෙවීමටත් විශ්‍රාම වැටුප් ගෙවන්නත් බව එම මාධ්‍ය හමුවට එක්ව සිටි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව රටේ තිබෙන ආර්ථිකය ශක්තිය සැලකිල්ලට ගෙන මෙම දීමනාව ගෙවීමට සිදු වන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Related posts

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

colombotoday

සමාජ මාධ්‍ය පාලනය කරන්න අලුත් නීති ගේනවා – රංජිත් මද්දුම බණ්ඩාර

colombotoday

පෙට්‍රල් බෝතලයක් 800යට වික්ක පොම්පකරුගේ බිරිඳ මාට්ටු

colombotoday

ජෙරම් අදත් CID යට එයි

Admin

සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයි

colombotoday

තඹුත්තේගම බැංකුවකින් ලක්ෂ 50ක් කොල්ලකයි

colombotoday