Colombo Today Local News

මහින්ද පිළේ 15ක් ආණ්ඩුවට එකතු වෙන්න කැමැත්ත පළකරා – රාජිත

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත්ව කටයුතු කරන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස්‌ දෙනකු පමණ රජයට එක්‌වීමට කැමැත්ත පළකර ඇති බව කැබිනට්‌ ප්‍රකාශක ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමට මූලිකව කටයුතු කළ මන්ත්‍රීවරුන් ඒ අතර සිටින බව හෙතෙම කීය.

මෙම මන්ත්‍රී කණ්‌ඩායම රජයට එක්‌කර ගැනීම සහ එක්‌වීමෙන් පසු ඔවුන්ට ලබාදෙන තනතුරු සම්බන්ධව මේ වන විට සාකච්ඡා වට කිහිපයක්‌ පවත්වා තිබෙන බවද ඒ මහතා අනාවරණය කළේය.

මෙම පිරිස ඉතා කෙටි කාලයක්‌ තුළ ආණ්‌ඩුවට සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් උපරිම සේවයක්‌ ලබා ගැනීමට සැලසුම්කර ඇතැයිද වැඩිදුරටත් කීය.

Related posts

මීගමුව බන්ධනාගාරයට හොරබඩු විසිකළ කත අල්ලයි

colombotoday

ඥානසාර හිමිගේ සිර දඬුවම අත්හිටුවීමට හෝමාගම මහාධිකරණයෙන් නියෝග

colombotoday

අවුරුදු දිනයේ තරුණියකට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

(Video) පොලීසිය අල්ලයි මගෙ පස්ස !

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

colombotoday