Colombo Today Local News

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන 07ක් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 07ක් තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අද (30)දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ය.

මෙලෙස තහනම් කිරීමට අදාළ වන ද්‍රව්‍ය වන්නේ, ප්ලාස්ටික්වලින් සකස් කරන ලද බීම බට, හැඳි, බීම කොප්ප, ගෑරැප්පු, පිහි, ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත මල්මාලා ආදියයි.

ඉකුත් මාර්තු මස 31 වැනි දින සිට ශැෂේ පැකට් ඇතුළු එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන 05ක් තහනම් කිරීමට පියවර ගැනිණි.

අගොස්තු මස 01වැනි දින සිට දිරාපත් නොවන ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගත් බව ද පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

හොරා කෑ ධනය අල්ලන්න අලුත් වැඩක්

Admin

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

colombotoday

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

නෙළුම් කුළුණ හොදයි අපට පැනල මැරෙන්න – ටිල්වින් සිල්වා කියයි

colombotoday

කිරිබත්ගොඩ හොර කච්චේරියක් වටලයි

colombotoday