Colombo Today Local News

එප්පාවල පොස්පේට් නිධියෙන් කාබනික පොහොර මෙටි‍්‍ර‍ක් ටොන් පනස් දහසක්

එප්පාවල පොස්පේට් නිධිය ප‍්‍රයෝජනයට ගනිමින් කාබනික පොහොර මෙටි‍්‍ර‍ක් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙරට වාර්ෂික පොස්පරස් අවශ්‍යතාව මෙ.ටොන් 1,25,000 – 1,75,000 අතර සංඛාවක් වන අතර එම අවශ්‍යතාව ඉටුකරගැනීමට හෝ වෙනත් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මෙතෙක් එප්පාවල පොස්පේට් නිධිය කිසිදු ප‍්‍රයෝජනයකට ගෙන නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පොස්පේට් සමාගම, සින් ටෙක් ආයතනය හා කොළඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පොස්පේට් නිධිය යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට පියවර ගනු ලබන බවත් ඒ යටතේ පළමු අදියර ලෙස මෙ.ටොන් 50,000 ක් නිෂ්පාදනය කිරීමටත් ක‍්‍රමයෙන් එම ධාරිතාව ඉහළ දැමීමටත් තීරණය කොට ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

Related posts

වී නිශ්පාදනය 46%කින් පහත වැටේ… පසුගිය දශකයේ අඩුම වී නිෂ්පාදනය 2017 වසරේ

colombotoday

බුර්කාව – මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කරනවා – ඇමති සරත් වීරසේකර

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කර ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද 6 වන දිනටත් සිදු කෙරේ

colombotoday

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

colombotoday

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin

හෙරොයින් කිලෝ 25ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin