Colombo Today Local News

පෞද්ගලික බස් හිමියන්ට ලැබෙන සහන වව්චර් පත

පෞද්ගලික බස් හිමියන් සඳහා ටයර්, බැටරි සහ ඔයිල් මිලදී ගැනීමේදී සහනදායී වට්ටමක් හිමිවන වව්චර් පත්‍රයක් පිරිනැමීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

අන්තර් පළාත් බස් රථ 3200 ඇතුළු පෞද්ගලික බස් රථ 18,000 සඳහාම මෙම සහනය ලබා දෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ප්‍රථමයෙන්ම අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන් සඳහා මෙම වව්චර් පිරිනැමීමටත් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පළාත් බස් හිමියන් සඳහා එම වව්චර් පිරිනැමීමටත් පියවර ගන්නා බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පැවසීය.

මේ වන විට වෙළද ආයතන හා සමාගම් කිහිපයක් සමගින් මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් සමාගම් කිහිපයක් මීට කැමැත්ත හා එකඟත්වය පළකර තිබෙන බවත් ලබන සතියේ සිට මෙම සහන වව්චර් ප්‍රදානය කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම කීවේය.

Related posts

කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කෙරේ

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

colombotoday

බොදු බලේ ගැන පත්තරේ කොමිෂන් සභා නිර්දේශ ගැන කියන කතා ඇත්තද? | පාස්කු කොමිෂන් වාර්තාවේ පිටපතක් බොදු බලය ඉල්ලයි.

colombotoday

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින් ගැන තීරණයක්

Admin

කූඩු කර ඉන්න පාතාලයන් නිරීක්ෂණයට කඩා පනින හමුදාවක්

colombotoday

රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයා ගත්තා – අනුරාධ ජයරත්න

Admin