World

මධ්‍යම ආසියානු රටවල ඇෆ්ගන් සරණාගතයින් පදිංචි කරවීමට බටහිර දරන උත්සාහයට පුටින් විරුද්ධ වෙයි.

ඇෆ්ගනිස්ථානයේ සිට සරණාගතයින් රුසියාවට ආසන්න රටවලට යැවීමේ අදහස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ප්‍රතික්ෂේප කර
ඇත. “සරණාගතයින් මුවාවෙන් මෙහි ත්‍රස්තවාදීන් ගෙන්වීමට කැමති නෑ” යැයි රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත.

ඇෆ්ගනිස්ථානයේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපයට වීසා ලබා දීමේදී සරණාගතයින් අසල්වැසි මධ්‍යම ආසියානු රටවල පදිංචි කරවීම සඳහා සමහර බටහිර රටවල අදහස පුටින් විවේචනය කළේය.

“ඒ කියන්නේ වීසා නොමැතිව ඔවුන්ව බටහිර රටවලට ගන්න බෑ… නමුත් අපේ අසල්වැසියන් වෙත යැවිය හැකියි.” රුසියානු නායක පුටින් පවසා ඇත.

“ගැටලුව විසඳීම සඳහා මෙවැනි නින්දිත ප්‍රවේශයක් ගෙන ඇත්තේ ඇයි?” ඔහු ප්‍රශ්න කර ඇත.

Related posts

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..

Admin

අමුතුවට හැසිරෙනු බැටළු රංචුව ගංජා කිලෝ 100ක් කාලා

Admin

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

සත්වයින්ටත් කොවිඩ් එන්නතක්

colombotoday

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin