Colombo Today Local News

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හදුනා ගනී

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හදුනාගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

මෙම අලුත් සංවේදී පරිසර පද්ධති මානෑව, ගඟේවාඩිය, එළුවන්කුළම හා ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.

මින් පෙර මේ අන්දමින් සංවේදී පරිසර කලාප හඳුනාගැනීමේ හා එලෙස හඳුනාගත් සංවේදී පරිසර කලාප නම් කර නොතිබීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එම පද්ධතීන්ට හානි සිදුවු අවස්ථා වාර්තා වු බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සංවේදී පරිසර කලාප හඳුනාගැනීමේ හා ඒවා සංවේදී පරිසර පද්ධතීන් ලෙස නම් කිරීමේ වැඩ පිළිවෙළක් පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය BIO-DIVERSITY UNIT විසින් එම වැඩ පිළිවෙළ ආරම්භ කර ඇත.

ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පරිසරයට සිදුවන හානි වළක්වා ගනිමින් එම සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කිරීමට පහසු කිරීම එම වැඩ පිළිවෙළෙහි අරමුණ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

නමුත් නව වැඩ පිළිවෙළ යටතේ පරිසර අමාත්‍යාංශය විසින් එම සංවේදී පරිසර කළාප හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බැවින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප විනාශ කිරීමට නීතියෙන් ඉඩ නොලැබේ.

Related posts

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

Admin

“සිංහලේ” දැක විකල්ප ගෝත්‍රිකයන්ගේ ලේ කුපිතවෙයි

colombotoday

දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin

ජනපති යලි දිවයිනට සෙල්ෆි ගහන්න ගුවන්තොටේ පොරයක්

Admin

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday