Colombo Today Local News

“සිංහලේ” දැක විකල්ප ගෝත්‍රිකයන්ගේ ලේ කුපිතවෙයි

sinhale 256

අයිසිස්‌ සංවිධානය 2013 දී කරලියට පැමිණීමත් සමඟ ලොව පුරාම ක්‍රම ක්‍රමයෙන් මුස්‌ලිම් විරෝධය දැඩි විය. ඉකුත් නොවැම්බරයේදී පැරීසියට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 129 දෙනකු ඝාතනය වූ විට ඇමරිකාව පුරාම මුස්‌ලිම් විරෝධ ප්‍රහාර උත්සන්න විය. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල වී පුද්ගලයන් 2977 ක්‌ ඝාතනය වූ විට එරට මුස්‌ලිම්වරුන්ට එල්ලවන ප්‍රහාර දැඩි විය. එවක එෆ්. බී. අයි. ආයතනයේ ප්‍රධානියා වූ රොබට්‌ මුලර් ප්‍රකාශ කර සිටියේ අරාබි සම්භවයක්‌ ඇති ඇමරිකානුවන්ට එල්ලවන ප්‍රහාර ගැන පරීක්‍ෂණ පවත්වන බවයි. මුස්‌ලිම් විරෝධය උග්‍රවන නිසා ජනපති ජෝර්ඡ් ඩබ්. බුෂ් ඇමරිකාවේ ඉස්‌ලාමික මධ්‍යස්‌ථානයකට ගොස්‌ ප්‍රකාශ කර සිටියේ සැබෑ ඉස්‌ලාම් ආගමික මතය ත්‍රස්‌තවාදයෙන් නිරූපණය නොවන බවයි. ඔහු මේ ප්‍රකාශය කළේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන්a සතියක්‌ ගත වීමටත් පෙරය. එදා 2001 දී ඇතිවූ මුස්‌ලිම් විරෝධය යළිත් ඇමරිකාවේ උත්සන්නව ඇත්තේ අබුබකර් බැග්ඩෑඩිගේaa ත්‍රස්‌ත කණ්‌ඩායම නිරන්තරව සිදු කරන ත්‍රස්‌ත ප්‍රහාරය හේතුවෙනි.

හිටපු ඇමරිකානු ජනපති ජෝර්ඡ් ඩබ්. බුෂ් “බෝර්න් එගේන් ” ක්‍රිස්‌තියානි නිකායට අයත් බැතිමතෙකු බව ප්‍රකට කරුණකි. ඔහුගේම පක්‍ෂය නියෝජනය කරමින් 2016 ඇමරිකානු ජනපති සටනට ඉදිරිපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? තමා ජයග්‍රහණය කළහොත් ඇමරිකානු ක්‍රිස්‌තියානුවන්ගේ බලය වැඩි කරන බවයි. ක්‍රිස්‌තියානි බලය ඇමරිකාවේ ද බලය කරන බව මේ රිපබ්ලිකන් අපේක්‍ෂකයා කියයි. ට්‍රම්ප් පවසන පරිදි ඇමරිකාවේ වෙසෙන ක්‍රිස්‌තියානි ආගමිකයන්ගේ ප්‍රමාණය මිලියන 250 ක්‌ වේ. වර්තමානයේ ඇමරිකානු දේශපාලනඥයන් ක්‍රිස්‌තියානි ආගමිකයන් වෙනුවෙන් සේවය නොකරන බව පවසන ට්‍රම්ප් තමා ජනපති වූ විට ඇමරිකාවේ බලය බවට ක්‍රිස්‌තියානින් පත් කරන බව කියයි. පසුගිය දෙසැම්බර් මාසයේ ජනපතිවරණ රැස්‌වීමකට සහභාගි වෙමින් ට්‍රම්ප් සඳහන් කර සිටියේ මුස්‌ලිම් ජාතිකයන්ට ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ දිය යුතු නැති බවයි. ඒ අනුව ඇමරිකාව පුරාම සුදු – ක්‍රිස්‌තියානි ජාතිකවාදය වේගයෙන් පැතිර යන බව පැහැදිලිය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේදී ක්‍රිස්‌තියානි බලය ගැන කතා කරන විට කොළඹ සිටින සමහර කණ්‌ඩායම් “සිංහලේ” පතුරු ගැසීමට සූදානම් වෙති. අද ලොව පුරාම ජාතිකවාදී රැල්ලක්‌ හඹා යමින් පවතින බව රහසක්‌ නොවේ. එහි හොඳ නරක විග්‍රහ කිරීම කවරක්‌ වෙතත් එය භූමියේ යථාර්ථයයි. දේදුනු විප්ලවය හෝ ආප්ප විප්ලවයට මුලසිටම සහාය පළ කළ පුරවැසි බලය “සිංහලේ” දැඩිව විවේචනය කිරීම සඳහා පසුගිය සතියේ පුවත්පත් සාකච්ඡාවක්‌ ද පවත්වා තිබිණි. සිංහලේ සංවිධානය පසුගිය සෙනසුරාදා කොළඹ සිට මහනුවරට ගිය පෙළපාලිය මෙන්ම ඔවුන් සිංහලේ කොඩි වනමින් ගිය ආකාරය පිළිබඳවත් පුරවැසි බලයේ ඊනියා නායකයන්ට බලවත් කම්පාවක්‌a කෝපයක්‌aa ඇතිව තිබෙන බව පෙනේ. ප්‍රභාකරන්ගේ සැහැසි ම්ලේච්ඡ ක්‍රියා විවේචනය කිරීම සඳහා කිසිවිටක ඉදිරිපත් නොවූ මේ ඊනියා පුරවැසියෝ සිංහලේ සාමාජිකයන් මාවනැල්ල නගරයේ රතිඤ්ඤා පිපිරවීම ගැන කම්පාවෙති. යහපාලන ආණ්‌ඩුව මේ කණ්‌ඩායම මර්දනය කිරීමට පියවර නොගැනීම පුරවැසි බලයට විශාල ප්‍රශ්නයක්‌ වී ඇති බව පැහැදිලිය.

නැගී එන ජාතිකවාදී බලවේග මර්දනය කිරීමට සිරිසේන – වික්‍රමසිංහ ආණ්‌ඩුව උත්සාහ ගතහොත් එය ඔවුනටම පාරා වළල්ලක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. සිංහලේ ව්‍යාපාරය නිර්දේශපාලනික කටයුත්තකි. ඉකුත් සෙනසුරාදා මහනුවර දළදා මාළිගාවට රැස්‌වූ එම ව්‍යාපාරයේ සාමාජිකයන් සපථ කළේ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් රැක ගැනීම වෙනුවෙන් කැප වන බවය.

යහපාලන ආණ්‌ඩුව ජාතිය, ආගම සුරැකීමට කැප නොවන නිසා මෙවැනි ජාතිකවාදී ව්‍යාපාර නිර්මාණය වීම නොවැළැක්‌විය හැකිය.

සිංහලේ සංවිධානය ගැන විරුසර වරප්‍රසාද කාඩ්පත එළිදැක්‌වීමේ උළෙලේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද විශේෂ සඳහනක්‌ කර තිබිණි. “පිරිසක්‌ අද ලේ ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා. කුමන භාෂාව කථා කළත් කුමන ආගමකට අයිති වුණත් තිබෙන්නේ එකම ලේ” යෑයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. ජාතිය හෝ ආගමෙන් ලේ නොවෙනස්‌ වෙන නමුදු සංස්‌කෘතික හා සමාජ විද්‍යාත්මකව ජනවාර්ගික හැඟීම ගෝත්‍රික හැඟීම එකිනෙකට වෙනස්‌ය. ඇමරිකානු ජනපති අපේක්‍ෂක ට්‍රම්ප් ද සුදු ක්‍රිස්‌තියානින් වෙනුවෙන් කතා කරන්නේ ඒ සංස්‌කෘතික ආගමික බැඳියාව ඉදිරියට ගෙන යා යුතු නිසාය. දේදුනු විප්ලවයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයා සිංහලේ ගැන විරෝධාකල්පයෙන් පසුවන බව නම් පැහැදිලිය. ආණ්‌ඩුවේ විරෝධය කවරක්‌ වුවත් මේ සංවිධානයට සිංහල සමාජය තුළ පිළිගැනීමක්‌a නිර්මාණය වී තිබේ. ඒ පිළිගැනීම මහ ආණ්‌ඩුවද කකුළු අඬු තලන්නාක්‌ මෙන් සිංහලේ තැලිය නොහැකි බව ද හොඳින් වටහා ගත යුතුය. එහෙත් යහපාලන බලයට පත් කිරීම වෙනුවෙන් කැපවූ ඊනියා සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන නායකයන්ට නම් සිංහලේ තලා දැමීමේ අවශ්‍යතාවය දැඩිව මතුව තිබෙන බව පැහැදිලිය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද මීගමුවේ හින්දු පාසලක පැවැති උත්සවයේදී “මෝඩ බෞද්ධයන් ගැන කතා කර තිබුණා.” එමෙන්ම දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසල්වලට අවම තරමින් සුළු ජාතික සිසුන් 5% ක්‌ හෝ ඇතුල් කළ යුතු බවත් ඇය මෙහිදි අවධාරණය කර තිබුණා. වෙනසක අරුමය මෙය ද? ජාතික සංහිඳියාව වෙනුවෙන් බෞද්ධ පාසල් විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ වී ඇත්ද? 1960 දී කතෝලික පාසල් රජයට පවරා ගනිමින් රට දැය සමයට නොමැකෙන මෙහෙයක්‌ කළ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ගුණ සදා සිsහි කළ යුතු වුවත් ඇගේ දියණිය අද සිදු කරන්නට යන්නේ කුමක්‌ද? කතෝලික පාසල් රජයට පවරා ගැනීම නිසා උරණ වූ බලවේග 1962 දී හමුදා කුමන්ත්‍රණයක්‌ සිදු කිරීමට උත්සාහ කළ බවත් අප අමතක කළ යුතු නැත. එය කතෝලික කුමන්ත්‍රණයකි. නමුත් ඒ විශිෂ්ට නායිකාවගේ දියණියගේ ක්‍රියා කලාපය ගැන නම් අපට කිසි ලෙසකින් සතුටු විය නොහැක.

* චතුර පමුණුව

Related posts

මනාප ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර අවසන් ප්‍රතිඵල 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාබව ඉවතට

colombotoday

අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට

colombotoday

රිෂාඩ් බදියුදීන් මක්කමින් ශ්‍රේෂ්ඨාධිකරණයට….

colombotoday

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday