Colombo Today Local NewsUncategorized

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරට තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට එම වෙළෙදසැල් හිමියන් හා වෙළෙද සංගම් ස්වෙච්ඡාවෙන් තීරණය කර තිබේ.

ඒ අනුව කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මංහන්දිය, වාද්දුව, බාඳුරාගොඩ, රිකිල්ලගස්කඩ සහ අලව්ව යන නගර වසා දැමීමට නියමිතයි.

මීට අමතරව ත්‍රිකුණාමලය නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ යාපනය කොඩිකාමම්හි වෙළඳ සංකීර්ණය ද වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අතර ඇතැම් නගරවල ‌වෙළඳසැල් සතියක කාලයක් සඳහාත්, තවත් නගරවල සති දෙකක් සහ අනෙකුත් වෙළෙදසැල් නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ.
මේ අතර රට පුරා නගර 16ක වෙළෙදසැල් මේ වන විට වසා දමා තිබේ.

එම නගර පහතින්…

ගම්පහ
අම්බලන්තොට
අම්බලන්ගොඩ
මරදගහමුල
වේයන්ගොඩ
දංකොටුව
සේරුනුවර
පලාපත්වල
උල්පත
තංගල්ල
බදුල්ල
බලංගොඩ
වලපනේ
බණ්ඩාරවෙල
ඇඹිලිපිටිය
මාතලේ යටවත්ත

Related posts

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාර දෙයි

colombotoday

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක. සමෘද්ධි දීමනාවත් සති දෙකක් පමා වෙයි

Admin

නව කෝපා සභාපති

Admin

ලයිට් බිල අඩු කරන්නේ සෝලා පැනල් ගැහුවට පස්සේ

Admin

කොළඹට එන දුර ගමන් සේවා බස් රථ යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර

colombotoday

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට..

Admin