Colombo Today Local News

මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකිරීමෙන් ලීසිං පාරිභෝගිකයා අමාරුවේ.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකිරීමෙන් ලීසිං පාරිභෝගිකයා අමාරුවේ.” මැයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් යොමු කර තිබෙනවා.

අදාළ නිවේදනය…

කොවිඩ් වසංගතයෙන් ජනතාවට පීඩාවට පත්ව ඇති නිසා මහ බැංකුවේ මූල්‍ය පාලන අංශය විසින් ලීසිං පාරිභෝගිකයාට සහනයක් ලබා දීම සදහා මැයි මාසයේදී චක්‍රලේඛණ කිහිපයක් නිකුත් කරන ලදී. එම චක්‍රලේඛණ මගින් 2021 අගෝස්තු 31 දින දක්වා ලීසිං පාරිභෝගිකයින්ගෙන් පමා පොලී අය කිරීම හා වාහන අත්පත්කර ගැනීම නවත ලෙස හා වෙනත් සහන ලබා දීමට කටයතු කරන ලෙස දැනුම්දෙන ලදී. එහෙත් එම චක්‍රලේඛණ උල්ලංඝනය කරමින් බැංකු හා ලීසිං සමාගම් විසින් සිය පාරිභෝගිකියින්ට පමා පොලී ගෙවන ලෙස දන්වා ලිපි නිකුත් කොට ඇත. එසේ ලිපි නිකුත්කලා පමණක් නොව සමහර ලීසිං පාරිභෝගිකයින්ගේ වාහන අත්පත් කරගැනීමටද කටයුතු කර ඇත.

එහෙත් අදාල චක්‍රලේඛණ නිකුත් කරන ලද මහ බැංකුව සිය චක්‍රලේඛණ උල්ලංඝණය කල සමාගම් සදහා කිසිදු නීතිමය පියවරක් ගැනීමට කටයුතු කර නැත. එම නිසා ලීසිං පාරිභෝගිකයා අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. පාරිභෝගිකයින් අසරණව සිටිද්දී හා මහබැංකුවේ චක්‍රලේඛණ සමාගම් විසින් උල්ලංඝනය කරද්දී මහ බැංකුව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපි දැඩි ලෙස හෙළාදකින අතර අදාල සමාගම් සදහා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි මහ බැංකුවෙන් ඉල්ලා සිටිමු.

මහ බැංකුවේ නිළධාරීන් නඩත්තු වන්නේ මෙරට ජනතාවගේ බදු මුදලින් වන බවද ඔවුනට උසස් අධ්‍යාපනය ලබාදීම සදහා වැය කර ඇත්තේ මෙරට ජනතාවගේ බදු මුදල් බවද මෙම අවස්ථාවේ මතක් කර සිටින අතර ඒ නිසාම මහ බැංකුවේ නිළධාරීන්ගේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවද මහ බැංකුවේ නිළධාරීන්ට ජනතාවට සහන ලබා දීම සදහා කටයුතු කිරීමට සාදාචාරාත්මක අයිතියක් ඇති බවද වැඩි දුරටත් මතක් කර සිටිමු.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

IMF නියෝජිතයින් අද දිවයිනට

colombotoday

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

2019 මැතිවරණ වසරක්… සූදානම්වන්නැයි ජනපති ශ්‍රීලනිපයට දැනුම් දෙයි…

colombotoday

QR කෝඩ් එකෙන් සියලු තොරතුරු දැන ගත හැකි සංචාරක මඟ පෙන්වන්ගේ අලුත් වන හැඳුනුම්පත

colombotoday

අජිත් ප්‍රසන්න ට ඇප. | මින්මතු සාක්ෂිරුවන්ට බලපෑම් වෙන ප්‍රකාශ නිකුත් නොකරන බවට ප්‍රතිඥාවකුත් දෙයි.

colombotoday

අයි පෑඩ් නිශ්පාදනය කරන අලුත්ම සමාගම

Admin