Colombo Today Local Newsfeatured

අත්අඩංගුවට ගත් ඊ නිව්ස් කීර්ති රත්නායක ගුවන් හමුදාවෙන් පන්නා දැමූ හොරෙක්

දැනට ශ්‍රී ලංකා පොලිස් අත්අඩංගුවට පත්ව සිටින හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ලංකා ඊ නිව්ස් නැමති මඩ වෙබ් අඩවියේ ආරක්ෂක වාර්තාකරු ලෙස සඳහන් වෙන කීර්ති රත්නායක නැමැත්තා ගුවන් හමුදාවේ සේවය කරන සමයේදී සිදුකල මුදල් සොරකමක් හසුවී සේවයෙන් ඉවත්කර දැමූ පුද්ගලයෙක් බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව Colombo Today ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතාගෙන් විමසීමක් කල අතර එහිදී කීර්ති රත්නායක නැමැත්තා ගුවන් හමුදා බුද්ධි අංශයක කිසිම අවස්ථාවක සේවය කර නොමැති බවත් කටුනායක ගුවන් හමුදා කඳවුරේ මුදල් අයකැමියෙකු ලෙස සේවය කරමින් සිටියදී සිදු කල මුදල් සොරකමක් හේතුවෙන් ගුවන් හමුදාවෙන් නෙරපා දැමු බවත් සඳහන් විය.

කීර්ති රත්නායක නැමැත්තා 1997 වසරේදී ගුවන් හමුදා පරිපාලන අංශයට බැදී සේවය කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

සංචාරක හොටල් සහ අවන්හල් වලට මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Admin

මුදල් ඇමැති රවීගේ අලු‍ත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්!

colombotoday

කාලෝට අවමගුල් උලෙළක් නෑ, දේහය වෛද්‍ය විද්‍යාලයට !

colombotoday

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

colombotoday

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin