කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා කිරීමට අනුව ශ්‍රී ලංකාව ඊයේ (12)දින ලොව වැඩිම මරණ රටවල් අතරින් 15 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
එමෙන්ම ඊයේ දිනයේ ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බව worldometers වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය 11 වැනි දින මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 156කි.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 5620ක් දක්වා ඉහළ ගොස් ඇත.