Colombo Today Local News

රිෂාඩ්ගේ නිවසේදී පිළිස්සි මිය ගිය ඉෂාලිනිගේ දේහය යළි ඥාතීන් වෙත

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය අද (13)දින යළි ඇයගේ ඥාතීන්ට භාරදී තිබේ.

ඒ අධිකරණ නියෝගය අනුව සිදුකළ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් ජූලි 15 වැනිදා මියගිය අතර ඇයගේ දේහය ඩයගම පොදු සුසාන භූමියේ භූමදානය කෙරුණි.

අනතුරුව අධිකරණ නියෝග මත ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුවක් විසින් පසුගිය 30 වැනිදා දේහය යළි ගොඩගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළේය.

එම පරීක්ෂණ කටයුතු අවසන්වීමෙන් පසු අධිකරණ නියෝග මත ඇයගේ දේහය එලෙස යළි ඥාතීන් වෙත භාරදී තිබේ.

දේහය භාරගැනීම සඳහා ඇයගේ මව හා සොහොයුරා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත අද පැමිණ සිටියහ.

මියගිය ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය ඩයගම පොදු සුසාන භූමියේම යළි භූමදානය කෙරෙනු ඇත.

Related posts

මැති ඇමති සගයෝ මගහරිති… සුවදුක් බලන්න කවුරුත් නොඑයි… රන්ජන් වැලිකඩ තනිවෙයි !

colombotoday

රන්ජන් නිදහස්… මනුෂගෙන් තනතුරකුත්

colombotoday

මහින්ද, ගෝඨාත් ජන බලයට එක්වෙයි… මහ ජන ගගකින් කොළඹ වීදි වැසී යයි…

colombotoday

බෙල්ලන්විල පෙරහරට මාර්ග රැසක් වැසෙයි… විකල්ප මාර්ග භාවිත කරන

Admin

මංත්‍රීවරයෙක්ට අත් වූ ඛේදනීය ඉරණම

Admin

විසි එක්වන සියවසේ විශිෂ්ඨතම බුද්ධිමතා, ස්ටීවන් හෝකින් සමුගනී

colombotoday