World

වේගයෙන් පැතිරයන ඩෙල්ටා පාලනය ට අපොහොසත් වූ නිලධාරීන්ට දඬුවම්

වේගයෙන් පැතිරයන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පාලනය කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් නිලධාරීන් 47 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට චීනය කටයුතු කර තිබේ.

මේ වනවිට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එරට ප්‍රදේශ ගණනාවක පැතිරගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනුමාන කරයි.

සති තුනක් තුළ ආසාදිතයින් 1,000කට අධික ගණනක් හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය චීනයේ ප්‍රාන්ත 15ක පමණ පැතිර ඇතැයි හඳුනාගෙන ඇත. එරට ප්‍රාන්ත 31ක් තිබේ.

එබැවින් ආසාදිතයින් වාර්තා වී ඇති ප්‍රදේශවල දැඩි නිරෝධායන නීති පනවා සංචරණය සීමාකර ඇති අතර PCR පරීක්ෂණද ඉහළ දමා තිබේ.

වෛරසය පැතිරයෑම පාලනය සඳහා අවශ්‍ය නිසි පියවර කඩිනමින් ගැනීමට අපොහොසත්වන ප්‍රාදේශීය නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට චීන බලධාරීන් කටයුතු කරමින් සිටී.

නිලධාරීන් 47 දෙනෙක්ට එරෙහිව එසේ කටයුතු කර ඇති අතර ඊට පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් බලධාරීන් සහ ගුවන්තොටුපොළවල ඉහළ නිලධාරීන් අයත් වෙයි.

නැන්ජින් හි පිහිටි ලුකෝව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි රුසියානු ගුවන්යානයක් හරහා ඩෙල්ටා ප්‍රභේදය චීනය තුළට ඇතුළුවන්නට ඇතැයි එරට බලධාරීන් අනුමාන කරයි.

Related posts

ඉදිරි කාලය ඉතා දුෂ්කර-වේදනාකාරී එකක් වේවි – ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන්ට පවසයි

colombotoday

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

colombotoday

ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

colombotoday

දකුණු අත්ලාන්තික් සාගරයෙන් බිඳී වෙන් වූ සුවිශාල අයිස් පර්වතයක් කැබැලි වෙයි

colombotoday