Colombo Today Local News

මිලියන 39කට අධික කේරල ගංජා තොගයක් සමග දෙදෙනෙක් කොටු

මන්නාරම, ඉලුප්පුකඩවායි ප්‍රදේශයේදී රුපියල් මිලියන 39කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 131 යි ග්‍රෑම් 725 ක් සොයාගත් බවය.

මත්ස්‍යයින් ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ශීතකරණ පහසුකම් සහිත සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම කේරල ගංජා තොගය ඉතා සුක්ෂම ලෙස එහි සඟවා තිබියදී සොයාගෙන තිබේ.

සැකකරුවන්, කේරල ගංජා තොගය සහ ලොරි රථය නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසියට භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.

Related posts

අජිත් පි පෙරේරාගේ ජාතකේ කතා කල තෙවරප්පෙරුමගේ නි.ඇමතිකම නැති වෙන ලකුණු

colombotoday

පූටින් සිවුවෙනිවරටත් ජනපති වෙද්දී, රුසියානු තානාපති ගෙදරටම ඇවිත් මහින්ද හමුවේ !

colombotoday

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම : පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

colombotoday

ගෑස් මිල යළි පහළට

colombotoday

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday