Colombo Today Local News

පොදු ප්‍රවාහනය භාවිත කරන්නන්ට සඳුදා සිට රාජකාරි හැඳුනුම්පත අනිවාර්යයි

පොදු ප්‍රවාහනයේ ගමන් කරන ජනතාවට ලබන සඳුදා සිට රාජකාරි හැඳුනුම්පත ළගතබා ගැනීම අනිවාර්ය කිරීමට රජය තීරණය කළ බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.


අමාත්‍යවරයා පැවසුවේ පොදු ප්‍රවාහන සේවා අහඹු පරික්ෂාවට ලක් කිරීමට පොලීසිය ඉදිරියේදී පියවර ගන්නා බවයි.

ඒ අනුව පොදු ප්‍රවාහනය භාවිතා කරනු ලබන්නේ අත්‍යාවශයම පිරිස් ද යන්න පිළිබදව එහිදී තහවුරු කර ගැනීමට රාජකාරි හැඳුනුම්පත ළග තබා ගත යුතු වේ.

රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ අත්‍යාවශ්‍ය පිරිසට පමණක් පොදු ප්‍රවාහනය භාවිතා කරන ලෙසටත් අනිසි ලෙස පොදු ප්‍රවාහනය භාවිත කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් වෙන්නෙ නැහැ

Admin

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණයෙන් අද දුන් තීන්දුව

colombotoday

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින් ඉහළට

colombotoday

“එළිය“ අතහැර දයාන් මෛත්‍රී සමීපයට… රුසියාවේ තානාපති ධුරයට ?

colombotoday

කොළඹ වරායේ බටහිර පර්යන්තය පිළිබද කැබිනට් තීන්දුව මෙන්න

colombotoday

ඉන්ධන ඉල්ලා පංචිකාවත්තෙන් පාර වහයි – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්

colombotoday