Covid 19

වෙන්නප්පුව පොලිසියේ 16කට සහ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොවිඩ්.

වෙන්නප්පුව පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරීන් 16දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පොලීසියේ සැරයන්වරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය 02 වනදා නාරාහේන්පිට පොලිස් රෝහලට ගිය අවස්ථාවේ සිදු කළ පි.සි.ආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් බව හඳුනා ගෙන තිබේ.

ඒ අනුව වෙන්නප්පුව පොලීසියේ සේවය කරන සෙසු නිලධාරීන්ද පි.සි.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එමගින් අනෙකුත් ආසාදිතයින් හඳුනා ගෙන ඇත.

පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් 04 දෙනෙකු, පොලිස් සැරයන්වරුන් 07 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු සහ ආහාර පාන පිසීම සිදුකළ කාන්තාව මෙම ආසාදිතයින් පිරිසට අයත් වේ

කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොරෝනා

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් හය දෙනකු නිරෝධායනය සදහා යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ස්ථානාධිපතිවරයාට ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුට රෝහලේ දී සිදුකළ පී සී ආර් පරීක්ෂණක් සිදුකර ඇති අතර ඔහු කොවිඩ් බව එහිදී තහවුරු කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්ථානාධිපතිවරයා ප්‍රතිතාර සදහා යොමුකර ඇති බවත්, සෙසු පිරිස ඔවුන්ගේ නිවෙස් ම ස්වයං නීරෝධානය සදහා යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Related posts

පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා | 90ක් නිරෝධායනයට

colombotoday

තවත් සේවිකාවන් 5කට කොරෝනා

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

30වැනි කොවිඩ් මරණය

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday