Covid 19

පිළියන්දල තැපැල් ස්ථානාධිපති ඇතුළු සේවකයන් 20 කට කොරෝනා

පිලියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

එම කාර්යාලයේ ස්ථානාධිපතිවරයාට සහ ලියුම් බෙදන්නෙකුර ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අහඹු පී.සී.ආර් පරීක්ෂණය සිදු කර තිබේ.

අනතුරුව ප්‍රධාන තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව සේවා සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ගනු ඇතැයි වෛද්‍යවරයා කීය.

පිලියන්දල තැපැල් කාර්යාලයට අනුබද්ධ උප තැපැල් කාර්යාල කිහිපයක්ද කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

සාමාන්‍ය ජනතාවටත් කොවිඩ් එන්නත

colombotoday

හඳුනානොගත් මළ සිරුරු 40ක් භූමදානයට නියෝග

colombotoday

තවත් කොවිඩ් මරණ 26ක්

colombotoday

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සියය ඉක්මයි

colombotoday

නව ආසාදිතයින් 918ක්

colombotoday

ගුවන් හමුදාපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday