Covid 19

වැඩි ආරක්ෂාවට එන්නත් දෙකම ගත් අයට “තෙවැනි මාත්‍රාවක්”. සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස්

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙක ගත් අයට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එකක්) ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අප ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස දැනුම් දුන් බවයි.

එසේ ලබා දීමට අවශ්‍ය නම් ලබාදෙන එන්නත කුමක්ද , එය ලබා දෙන ආකාරය සහ ලෝකයේ වෙනත් රටවල් මේ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේද යනාදිය පිළිබඳව සොයා බලන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බව රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

කොරෝනා පාලනයට ගත යුතු සහ ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා කෝවිඩ් මර්දන කමිටුව හමුවේ ප්‍රකාශ කළේ යැයිද චන්න ජයසුමන මහතා කීවේය.

ඊශ්‍රායලය කොරෝනා මර්දනය සඳහා තෙවැනි මාත්‍රාවක් එරට ජනතාවට මේ දිනවල ලබාදෙමින් සිටින බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය .

Related posts

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7ක් ඇතුළු 24කට කොවිඩ්

colombotoday

තවත් කොරෝනා මරණ දෙකක්

colombotoday

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

colombotoday

බොරැල්ල පොලීසියේ තවත් ආසාදිතයින් 41 ක්

colombotoday

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් හමු වෙයි

colombotoday

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

colombotoday