Colombo Today Local News

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඒ තුළ මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවයි වාර්තා වන්නේ.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) දින මුල්ලේරියාව රෝහලේදී සිදු කිරීමට නියමිතය.

තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

දුම්රිය වර්ජනයක පෙරනිමිති

Admin

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

colombotoday

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin

විමල් වීරවංශට නොතීසි

Admin

රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට අලි ගහලා..

Admin