Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් මෙරට සාගර පාරිසරික කළාපයට සහ සාගර ජීවීන්ට සිදුවූ හානිය, ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට සහ ජාතික ආර්ථිකයට වූ බලපෑම සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

එම යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය සම්බන්ධ පරිපූරකයට ඇතුලත් කර ඇති අතර එය ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉකුත් ජුනි මස 22 දෙවන දින කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම මෙරට සාගර කළාපයේ සිදුවූ දරුණුතම පාරිසරික ව්‍යයසනය වේ.

එම සිද්ධිය හේතුවෙන් ඇති වූ ආර්ථික හානිය ගණනය කිරීම, ජීවනෝපාය සම්බන්ධයෙන් බලපෑම් ඇති වූ පුද්ගලයින් සංඛ්‍යාව ඇස්තමේන්තු කිරීම, පීඩාවට පත් ජනතාවට ලබාදිය යුතු මූල්‍යමය සහ අනෙකුත් වන්දි නිර්දේශ කිරීම, හානියට ලක් වූ සාගර කළාපය, ජීවීන් සහ පරිසර ප්‍රමාණය ගණනය කිරීම ආදී කරුණු එමගින් සලකා බැලීමට අපේක්ෂිතය.

Related posts

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු 67ක් කඩුවෙල අධිකරණයට

Admin

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව නින්දිතයි, අශිෂ්ඨයි – සජිත්

colombotoday

චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාව යුද හමුදා කදවුරක් වෙත යොමු කෙරේ !

colombotoday

අද සිට වැසි තත්වයේ වැඩි විමක්

Admin

ට්‍රැමඩොල් පෙති හයදහසක් සමග ජාඇලදී අයෙක් අත්අඩංගුවට…

colombotoday