Colombo Today Local News

“ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් වෛරසයට අවබෝධයක් නෑ.” – ගුරුවරුන්ට PHI සංගමය අනතුරු අඟවයි

ගුරු වෘත්තීය සංගම්වල ඉල්ලීම් කොයිතරම් දුරට සාධාරණ වුවත් කොවිඩ් -19 වෛරසයට ඒ පිළිබඳ අවබෝධයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, ගුරුවරුන්ගේ අරගලය හරහා කොවිඩ් ඔවුන්ගේ ජීවිත බිලි ගැනීමට වැඩි ඉඩකඩ පවතින බවය.

මෙම තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට අවදානම් තත්ත්වයකට පත්වෙමින් පවතින බවද උපුල් රෝහණ මහතා පවසයි.

“ගුරු වෘත්තීය සංගම් සහ සාමාජිකයින්ගෙන් අපි ඉල්ලන්නේ ඔබලාගේ ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් -19 වෛරසයට අවබෝධයක් නෑ. ඒ නිසා කොවිඩ් ඔබගේ ජීවිතය බිලි ගන්න ඉතාමත් ඉඩ තියෙනවා. ගුරුවරුන්ගේ වෘත්තීය අරගලයත් එක්ක අපිට පේන්න තියෙන තවත් කාරණාවක් තමයි බිම් මට්ටමේ ජනතාව ඔවුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් ඉතාමත් අඩුවෙන් කරන්නේ. ඒ අනුව ජනතාව නරක පූර්වාදර්ශයක් අරගනිමින් ඉන්නවා. ගුරුවරුන්ට නගරවල උද්ඝෝෂණය කරන්න පුළුවන් නම් ඔවුන්ට සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යෑමට ඇයි සෞඛ්‍ය උපදෙස් බාධාවක් වෙන්නේ කියලා.”

Related posts

අලුත් අවුරුද්දට අද සිට සතොස හරහා සහන මල්ලක්

colombotoday

2020 දී විධායක අගමැති මෛත්‍රී?

colombotoday

සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් !

colombotoday

දුරකථනයේ අය හදන්නේ සිරිකොත අල්ලන්න අපි අල්ලන්න හදන්නේ ආණ්ඩුවක් -අර්ජුන

colombotoday

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

Admin

පොත් අරගෙන දෙන්න ගෙනගොස් මෝටර් රථයක් තුළදී සිසුවියකට ලිංගික අතවර. ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට

colombotoday