Colombo Today Local News

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 1.6ක් දිවයිනට

චීනය විසින් පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16යේ තොගයේ පළමු කොටස රැගත් ගුවන්යානය අද (27)දින උදෑසන දිවයිනට පැමිණ තිබේ.

චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යු.එල්. 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය මගින් අද උදෑසන 8.00ට එම එන්නත් තොගය රැගෙන ආ බවය.

මීට අමතරව දෙවන තොගය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් තවත් ගුවන්යානයක් අද උදෑසන 10.10ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

මෙම එන්නත් මාත්‍රා ප්‍රමාණය චීන රජය එක් වරකදී ප්‍රදානයක් ලෙස ලබාදුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් තොගය වේ.

එමෙන්ම මෙම එන්නත් තොගය සමග චීනය ශ්‍රී ලංකාවට මේ දක්වා ප්‍රදානය කර ඇති සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 27කි.

Related posts

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

ගම්පොළ භූකම්පනයක්

Admin

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

colombotoday

ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සහ තබ්ලික් ජමාත් අතර මාතලේ දී ගැටුමක්

colombotoday

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට

Admin