Colombo Today Local News

Video – තනපටයට කොමිසමක් දාන්න හදන ආණ්ඩුවට බොදු බලෙන් අභියෝගයක්!

bbs t1අයි එස් ත්‍රස්ත සංවිධානය හා මෙරට පුද්ගලයන් සම්බන්ධතා පවත්වන බවට විදේශීය බුද්ධි අංශ පවා හෙළිදරව් කරද්දී, නැගෙනහිර පළාත සහ කොළඹ කෙන්ද්‍රකරගෙන ඉස්ලාමීය අන්තවාදය රට ගිලගනිමින් සිටිත්දී ඒ පිළිබදව වගේ වගක් නැති ආණ්ඩුවේ නායකයන් කාන්තාවකගේ තන පටයක් අල්ලාගෙන කියවමින් සිටින බවත්, හැකිනම් තනපටයට දැක්වූ අවධානය නුදුරේදීම රටට බරපතල අභියෝගයක් විය හැකි දැවෙන ගැටළු සම්බන්ධයෙන්ද දක්වන ලෙස බොදු බල සේනා සංවිධානය පවසයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පැවසූවේ මෙරට සහ විදේශීය බුද්ධි අංශ මෙන්ම තමන්ද පසුගිය කාලය පුරා හෙළිදරව් කළ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සහ ක්‍රියාකාරකම් පිළිබදව විමර්ශනය කිරීම සදහා වහාම කොමිසමක් පත් කරන ලෙසයි. ඒ සදහා ප්‍රමාණයටත් වඩා අවශ්‍ය සාක්ෂී සපයා දීමට තමන්ට මෙන්ම තවත් බොහෝ පාර්ශවවලට හැකි බවද උන්වහන්සේ සදහන් කළා.

එහිදී හලාල් ප්‍රශ්නය, විදේශීය මුදල් යොදවා භූමිය ආක්‍රමණය කිරීම, මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන සහ අරාබි රටවලින් ඔවුනට ලැබෙන මුදල් පිළිබදව, මැදපෙරදිගින් සිංහල භාෂාවට පරිවර්ථනය කර එවන ආගමික ප්‍රකාශන සහ අරාබි රටවලින් මෙහි පැමිණ අන්තවාදී දේශන පවත්වන දේශකයන් පිළිබදව, විවාහ මගින් කාන්තාවන් මුස්ලිම්කරණය කිරීම, ලිහිල් වීසා ප්‍රතිපත්තිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡ්චාවට බදුන් කළ යුතු බවද එහිමියන් අවධාරණය කළා.

‘මද්රසා’ නමින් මෙරට ක්‍රියාත්මක වන ආගමික පාසල් වහා නවතා දැමියයුතු බව අවධාරණය කරන එහිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ අල්කයිදා, තලේබාන්, ජිහාද් වැනි අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සදහා පොළඹවනු ලබන්නේ මෙම මද්‍රසා පාසල්වලි ලබාදෙන අන්තවාදී අධ්‍යාපනය හරහා බවයි. 1994දී බලයට පැමිණි පර්වේශ් මුෂරාෆ් ජනාධිපතිවරයා පකිස්ථානයේ ක්‍රියාත්මක වූ මද්රසා පාසල් විසිදහසක් වසා දැමීමට කටයුතු කළ බවත් එවැනි පාසල් දැන් මේරටේද ක්‍රියාත්මක වන බවත් ඤාණසාර හිමියන් එහිදී ප්‍රකාශ කළා.

ඤාණසාර හිමියන් දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය

Related posts

ජවිපෙ 20ට ශ්‍රීලනිපය විරුද්ධ වෙයි…

colombotoday

මත් උවදුරට එරෙහිව දැඩි පියවර ගන්න – ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට උපදෙස්

colombotoday

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday

ගෑස් සිලින්ඩර් සගවන ව්‍යාපාරිකයින් ගැන වහාම පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන්න

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

කැප කරන අක්කලා තෙමි තෙමීම යන්න යයි.. 2017 අයවැයෙන් රට හදන අක්කලා එයි (Video)

colombotoday