Covid 19

සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ආසාදිතයින් සිටිය හැකි – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අද (26)දින පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයින් විය හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

“මේ වනවිට අඩු වැඩි ඇතිව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වු රෝගීන් ඉන්න පුළුවන් කියන නිගමනයට අපි ඇවිත් තියෙනවා. මේ ප්‍රභේදය ඇති රෝගීන් ඉන්න ප්‍රදේශයක මේ රෝගය බෝ වෙන්න අපි ඉඩ තිබ්බොත් වේගයෙන් මේක පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මේ ආසාදිතයින් අවම කරගැනීමට අවශ්‍යයි. මේ ඩෙල්ටා ආසාදිතයින් 68 සාම්පල් ගණනාවකින් ආපු එකක්. නමුත් ඇත්ත වශයෙන්ම මේ 68ට වඩා විශාල සංඛ්‍යාවක් පරිසරයේ ඉන්නවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඊයේ 1,666ක් රෝගීන් වාර්තා වෙනකොට ඒකෙනුත් යම් ප්‍රතිශතයක් මේ ඩෙල්ටා රෝගීන් විය හැකියි. නමුත් ඒ සෑම කෙනෙක්ම ඩෙල්ටා ප්‍රභේදය සඳහා වෙන වෙනම පරීක්ෂා කිරීම කාර්යක්ෂම ක්‍රමවේදයක් නොවන නිසා අපි ඒක කරන්නේ නෑ. ඩෙල්ටා පොකුරු බිහිවෙන්න ඉඩ දෙන්න එපා.”

Related posts

ඊයේ ‍තවත් කොවිඩ් ආසාදිතයින් 13ක් හදුනා ගනී

Admin

කොළඹ-ගම්පහ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා අනුව ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ 9 වැනි ස්ථානයට

colombotoday

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට

colombotoday

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිත මරණ 03ක්

colombotoday