Colombo Today Local News

ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම්පතක්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ඉඩම් හිමි ගොවීන් හා අඳ ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම් පතක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වෙයි.

1971 වසරේ ගොවි හැඳුනුම්පත් ලබාදීම ආරම්භ වුවද එම වැඩපිළිවෙළ මේ වන විට අකර්මන්‍ය වී තිබේ.

මේ නිසා ගොවියාගේ අනන්‍යතාව තහවුරු කිරීමට ලියවිල්ලක් නොමැති වීම, වගා ණය ලබාදීමේදී අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වීම ඇතුළු ගැටලු රැසක් මතුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කුඹුරු නොවන ඉඩම් පිළිබඳ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කර ඉඩම් හිමියන් හා භුක්තිකරුවන් සඳහා ද දෙවන අදියරේදී ගොවි හැඳුනුම්පතක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

හැඳුනුම්පත් නිකුත් කිරීමෙන් ගොවි ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමි වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Related posts

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ නියෝගයක්

Admin

“බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. දෙසැම්බර් වෙද්දි මැතිවරණයක් එයි” – මහින්ද රාජපක්ෂ

Admin

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

Admin

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

“සුරක්ෂා” සිසු රක්ෂණය දුන් Allianz Insurance සමාගම කෝටි 30ක් නොදී කට්ටි පනී.

colombotoday