Colombo Today Local News

බෙහෙත් විසිකර මාට්ටුවූ රිෂාඩ් බදුර්දීන් ජාතික රෝහලෙන් දොට්ට දමයි. – යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී අදාළ දැරිය මියගිය දිනට පසුදින ඇතිවූ අසනීප තත්ත්වයක් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී ඔහු වෙනම වැසිකිළියක් භාවිතා කර ඇති අතර ඔහු සෑම දිනකම එය භාවිත කිරීමට යන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිට තිබේ.

ඒ අනුව ඊයේ (24) දිනයේදී ඔහු වැසිකිළියට ගොස් ඇත්තේ සැක සහිත ලෙස කොළ කැබැල්ලක් සිය අත්ල මත රහසිගතව ගුලි කරගෙන බව නිරීක්ෂණය වී ඇත.

පසුව වැසිකිළිය තුළට ගිය මන්ත්‍රීවරයා තමන් අත වූ කොළ කැබැල්ල එහි වූ සුළං කවුලුවෙන් පිටතට විසිකර තිබේ.

ඒ අවස්ථාවේදී ඒ අසල සිටි බුද්ධි නිලධාරීන් විසින් එය අහුලාගෙන පරීක්ෂා කිරීමේදී ඒ තුළ වූ බෙහෙත් පෙති කිහිපයක් සොයාගෙන ඇත.

අනතුරුව මන්ත්‍රීවරයා සිටි 52 වැනි වාට්ටුව භාර වෛද්‍යවරයාට අදාළ බෙහෙත් පෙති සහ මන්ත්‍රීවරයාව ඉදිරිපත් කිරීමෙන් පසුව අනාවරණ වී ඇත්තේ ඔහුට පානය කිරීමට ලබාදෙන බෙහෙත් පෙති මෙලෙස ඉවතට විසිකර ඇති බවය.

අනතුරුව මන්ත්‍රීවරයාගේ ප්‍රතිකාර අවසන් කර ඔහුව නැවත වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යෑමට වෛද්‍යවරයා විසින් නිර්දේශ කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබීය.

Related posts

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday

තමන් සතු විදේශ මුදල් තැන්පත් කිරිමට හා විකිණීමට පොදු සමාකාලයක්..

colombotoday

නාවික හමුදාව නැගෙනහිර මහ ඇමතිට නිල වශයෙන් විරෝධය දක්වයි

colombotoday

රට භාර ගන්නා මීළග නායකයා ගැන ඥාණසාර හිමිගේ අදහස මෙන්න

colombotoday

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin