Covid 19Uncategorized

යලිත් කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළට | ගෙවුණු සතිය තුළ ආසාදිතයින් 11,000 ඉක්මවයි

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

පසුගිය සතියක කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 11,056 කි.

පසුගිය 17 වනදායින් පසු මෙම ඉහළයෑම පෙන්නුම් කෙරෙන අතර එදින ආසාදිතයින් 1,452ක්, 18 වනදා ආසාදිතයින් 1,420ක්, 19 වනදා ආසාදිතයින් 1,487ක් වාර්තා වී තිබේ.

ගතවූ දින 4 තුළ 1,500 ඉක්මවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන අතර 20 වනදා ආසාදිතයින් 1,554ක්, 21 වනදා ආසාදිතයින් 1,604ක්, 22 වනදා ආසාදිතයින් 1,724 ක් මෙන්ම 23 වනදා ආසාදිතයින් 1,815ක් ලෙස වාර්තා වී තිබේ.

රට වසා තැබුණු කාලයෙන් අනතුරුව මෙලෙස සීඝ්‍ර ලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළයෑම බරපතළ ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පවසති.

Related posts

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

“ඩෙල්ටා” ප්‍රභේදය මෙරට තුළ සුලභව පැතිරයාමේ අවදානමක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,731ක්

colombotoday

මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවයි

colombotoday

මිනීමැරුම් තරගයෙන් ISIS පරයා ‘බොකෝහරාම්’ 1ට එයි… 2014 දී පමණක් 6644 ඝාතනය කරලා

colombotoday