Colombo Today Local News

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළට

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළ ගොස් තිබේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවලිනි. එම දිස්ත්‍රික්ක දෙකේ පමණක් ඩෙංගු රෝගීන් 2200 සීමාව ඉක්මවා ගොස් ඇත.

සෙසු දිස්ත්‍රික්ක 13 අතරින් ගම්පහින් ඩෙංගු රෝගීන් 891 ක් සහ කළුතරින් රෝගීන් 572 ක් ලෙස ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. තවත් දිස්ත්‍රික්ක 7කින් ඩෙංගු රෝගීන් 200 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,155 කි. කෙසේවෙතත් ගතවූ ජූනි මාසයට සාපේක්ෂව මේ මාසයේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගන්ගේ කිසියම් අඩුවීමක් ද දැකගත හැකිය.

කොළඹ මහ නගර සභා සීමාවට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබීම ද කැපී පෙනෙණේ. ඩෙංගු රෝගීන් හට කොරෝනා වෛරසය ද ආසාදය වීමේ අවස්ථා කිහිපයක් ඉකුත් දිනවල වාර්තා වී තිබුණි.

Related posts

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි

colombotoday

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

Admin

අනුරාධපුර ඉවන්ජලිකල් යාච්ඤා මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

colombotoday

වෙසක්-පොසොන් දිනට තොරණ පෙන්වීම තහනම් – බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් තීරණයක්

colombotoday

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday