Colombo Today Local News

මුස්ලිම් නීති සහමුලින්ම අහෝසි කරන්න. 69 ලක්ෂය ගොනාට අන්දන්න හදන්න එපා. – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාව ගැන සුදත්ත හිමියෝ කියති.

අලි සබ්‍රි අධිකරණ අමත්‍යවරයා මුස්ලිම් විවාහ නිතිය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවත් එයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවත් මාගල්කන්දේ සුදත්ත හිමි ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

කිසිම පුරවැසියෙකු කවරම හේතුවක් මත, වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බවට ආණ්ඩුක්‍රම විවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාව මගින් පනවා ඇති විධිවිධානවල තිබෙන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මගින් කාන්තාවන් වෙනස්කමකට භාජනය කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ විවාහ සහ දිකසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ ද විවාහ සහ දිකසාද පාලනය කිරීම සඳහා අවස්ථාව ලබා දීම ඉතා හොඳ තීරණයක් බවත් සුදත්ත හිමියෝ එහිදී පැවසීය.

කෙසේ වෙතත් මෙම ක්‍රමවේදයට අනුව ලංකාවේ පොදු විවාහ නීතියට අනුකුලව විවාහ වීමට අකමැති අයට මුස්ලිම් විවාහ දික්කසාද පනතට අනුකුලව විවාහ වීමට අවස්ථාව දී ඇති බැවින් කාති උසාවි, මුස්ලිම් නීතිය, ෂරියා නීතිය එසේම ක්‍රියාත්මක වන බව ද සුදත්ත හිමියෝ පැවසීය.

මේ කරන්න යන දෙයින් වාසිය සැලසෙන්නේ ද අන්තවාදීන්ට බැවින් 69 ලක්ෂයේ ජනවරම ගොනාට අන්දන්නෙ නැතිව මුස්ලිම් නීති සහමුලින්ම අහෝසි කිරීමට පියවර ගත යුතු බවත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට පොදු නීතියක් ක්‍රියාත්මක කර “එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක කරන ලෙස ඒ හිමියෝ වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

තලංගම බෝම්බ පිපිරීමක්.. තිදෙනෙක් මරුට !

colombotoday

මන්ත්‍රී සුපර්ස්ටාර් කිරුළ අනුරට.. දෙක හදුන්නෙත්ති.. මැතිසබේ වැඩිම ක්‍රියාකාරී මන්ත්‍රීලා මෙන්න

colombotoday

ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !

colombotoday

රට පුරා හොර දොස්තරවරු 40,000කට වැඩියෙන් බෙහෙත් දෙනවා

Admin

ඉස්ලාම් වහාබ්වාදය සහ සංහිදියාව.. ඥාණසාර හිමි සමග ඉරාජ් කළ ආන්දෝලනාත්මක කතා බහ (Video)

colombotoday

නැවත කොරෝනා වැළදුණු කාන්තාවගෙන් වෛරසයේ බෝවීමක් නෑ

colombotoday